අනිවාර්යයෙන්ම විදුලිබිල වැඩිකරනවා-ඇමැති

287


ලබන ජනවාරි මාසයේ සිට විදුලි බිල නැවත ඉහළ දමන බව විදුලිබල හා බල ශක්ති ඇමැති කංචන විජේසේකර මහතා අද (21) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

අපට අනිවාර්යයෙන්ම ගාස්තු සංශෝධනයක් සිදුවෙනවා. ඒ ගාස්තු සංශෝධනය සඳහා අවශ්‍ය නෛතික බලය ලබාදීලා තියෙනවා. නෛතික බලය වෙනුවෙන් තහවුරු කිරීම නීතිපතිවරයා විසින් ලබාදීලා තියෙනවා. විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලයටල විදුලිබල අමාත්‍යවරයා හැටියට මටල පනතේ තියෙන බලතල ප්‍රකාරව ඒ අවශ්‍ය නීතිමය කටයුතු සිදුකරමින් පවතිනවා. අපි බලාපොරොත්තු වෙනවා එළඹෙන සතිය වනවිට කැබිනට් මණ්ඩලය වෙත. මම හිතන්නේ ඊළඟ කැබිනට් මණ්ඩලය තියෙන ජනවාරි මාසයේ දෙවනදා වනවිට සවිස්තරාත්මක වාර්තාව විදුලි බිල වැඩිවිය යුත්තේ කෙසේද වැඩිකළ යුතු ආකාරය කෙසේ ද මේ කියන සියලුම කරුණු ටික සවිස්තරාත්මක තොරතුරුත් එක්ක අපි කැබිනට් මණ්ඩලයට ලබාදීමටත්ල ජනවාරි මාසයේ අනිවාර්යයෙන්ම අපි විදුලිබිල වැඩිකිරීමටත් කටයුතු කරනවා, යැයි ඇමැතිවරයා එහිදී වැඩිදුරටත් කීය.

advertistmentadvertistment
advertistmentadvertistment