අනිසි බලපෑම් හමුවේ බලශක්ති ලොක්කෙක් අස්වීම භාර දෙයි

590

රජයට අයත් බලශක්ති ක්‍ෂේත්‍රයට සම්බන්ධ ප්‍රධාන ආයතනයක සභාපතිවරයකු සිය ඉල්ලා අස්වීමේ ලිපිය විෂය භාර ඇමැතිවරයාට භාරදී ඇත.

මෙම සභාපතිවරයා සිය ආයතනයට අයත් අමුද්‍රව්‍ය නිවැරැදි ටෙන්ඩර් ක්‍රියාවලියක් යටතේ ලබාගැනීමට කටයුතු කරමින් සිටියදී ඊට විවිධ බාහිර පාර්ශ්වවලින් විවිධ බලපෑම් එල්ලවීම නිසා සිය ඉල්ලා අස්වීම විෂය භාර ඇමැතිවරයාට මීට දින කිහිපයකට පෙර භාරදී ඇතැයි දැනගන්නට ඇත. සිය ආයතනයට ක්‍රමවත් ආකාරයට විනිවිද භාවයෙන් ටෙන්ඩර් කැඳවා අමුද්‍රව්‍ය ලබාගැනීමට කොතෙකුත් උත්සාහ කළත් ඇතැම් පාර්ශ්ව විවිධ චෝදනා එල්ල කරමින් එය කඩාකප්පල් කිරීමට උත්සහ කරන බවත් ඒ නිසා තම සභාපති ධුරයෙන් පෞද්ගලික හේතු මත ඉවත් වන බවත් එහි සේවකයන්ට දැනුම් දී ඇතැයි ද දැනගන්නට ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment