අනිසි බියක් එපා ලිස්ටීරියා වසංගතයක් රටේ නෑ – වසංගත විද්‍යා අංශය කියයි

104

ලිස්ටීරියෝසිස් (ලිස්ටීරියා) වසංගත තත්ත්වයක් රට තුළ නොමැති බවත්, එම රෝගය පිළිබඳ ජනතාව අනිසි බියක් ඇතිකර ගතයුතු නැති බවත් වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත එරත්න මාර්ගයේ වෙළෙඳසලක සේවය කළ කාන්තාවක් ‘ලිස්ටීරියා’ රෝගී සංකූලතා හේතුවෙන් මරණයට පත්වීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් එම අංශය මේ බව සඳහන් කරයි.

ශ්‍රී පාදය වන්දනාවේ නිරතවූ තවත් පුද්ගලයන් දෙදෙනෙකු ද මිය යෑමත් සමග ‘ලිස්ටීරියා’ රෝගය පිළිබඳව සමාජයේ කතා බහක් ඇති වුවත් එම මරණවලට හේතුව ලිස්ටීරියාව බවට මෙතෙක් තහවුරු වී නැතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි. කෙසේ වුවත් මෙම සිදුවීම් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවත්, ක්ෂේත්‍ර මට්ටමින් ආහාර හා ජල සාම්පල ලබා ගනිමින් ඉදිරි පරීක්‍ෂණ සිදු කරමින් සිටින බවත් එම අංශය සඳහන් කරයි.
සුජීව තත්සර සහ ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment