අනීතික වත්කම් ඔප්පු කර රජයට ගන්න-නාමල්

99


රාජපක්ෂ පවුලේ කිසිවෙකු අනීතිකව උපයා ඇති වත්කම් ඇති බව ඔප්පු කළහොත් එම වත්කම් රජයට පැවරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියා සිටී.

හම්බන්තොට ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය.

යහපාලන ආණ්ඩුවක් ආවා. අනුර කුමාරත්ල සජිත් ප්‍රේමදසත් ඒකේ හිටියා. අපේ ජනාධිපතිතුමත් ඒකේ හිටියා. ලෝකේ වටේ ගියා අපේ ගිණුම් හොයන්න. රංජන් රාමනායක ඩුබායි මැරියට් හෝටලය ළඟට ගිහිල්ලා කිව්වා මේ නාමල්ගේ හෝටලය කියලා.

වර්තමාන ජනාධිපතිවරයා පසු ගියදාක පාර්ලිමේන්තුවේදී කිව්වා රාජපක්ෂලාට එහෙම ජාත්‍යන්තර ගිණුම් තියෙනවා කියලා කිසිම තැනක තහවුරු වෙලා නැහැ කියලා. එදා ඇතිම් අය කියපු බොරුව අද ඒ විදිහටම ආයේවතාවක් කියනවා. ෆයිල් මිටි ගහගෙන ඉන්න ඕනේ නැහැ. ෆයිල් මිටි හංගගෙන ඉන්න ඕනේ නැහැ. ඒ අයට සාක්ෂි තියෙනවානම් ඔප්පු කරන්න.මගේ නමට හෝ අපේ පවුලේ කෙනෙක්ගේ නමට ඔප්පුවක් තියෙනවා. මේ ලෝකේ තියන රටවල ෆයිල් හංගගෙන ඉන්න එපා අරගෙන එන්න. ඔය කියන සාධක තියෙනවානම් අපි ලෑස්ති ඒ සියල්ලම අපි ආණ්ඩුවට පවරන්න.

advertistmentadvertistment
advertistmentadvertistment