අනුන්ගේ ගොඩනැඟිල්ලක් අලුත් කරන්න රාජ්‍ය අමාත්‍යාංශයක් එක්කෝටි විසිඑක්ලක්‍ෂයක් ගිලලා – විගණනයෙන් හෙළිවෙයි

116

මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලය නවීකරණය කිරීම සඳහා රුපියල් එක්කෝටි විසිඑක්ලක්‍ෂ හත්දහස් හාරසිය හැත්තෑඑකක මුදලක් (12,107,471) වැයකොට ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

අමාත්‍යාංශයට අයත් නොවන ගොඩනැඟිල්ලක අමාත්‍යාංශය පවත්වාගෙන ගොස් තිබූ බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත. ඒ අනුව අමාත්‍යාංශයට අයත් නොවන ගොඩනැඟිල්ල නවීකරණය කිරීමට වැය කළ මුදල අදාළ ආයතනයෙන් අයකර ගැනීමට කටයුතු කර නොතිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වේ.

අදාළ අමාත්‍යාංශයෙන් මේ සඳහා වැය කළ මුදල් අයකර ගැනීමට කටයුතු කළ යුතු බව ද විගණනය මගින් නිර්දේශ කොට ඇත. මෙකී රාජ්‍ය අමාත්‍යාංශයේ ගණන් දීමේ නිලධාරියා විගණනයට සඳහන් කොට ඇත්තේ අමාත්‍යාංශයේ වියදමෙන් අලුත්වැඩියා කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය මගින් දන්වා තිබූ බව ය.

මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාළව මෙකී විගණන වාර්තාව නිකුත් කොට තිබුණි.
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment