අනුන්ගේ රන්මාලයක් උගස් කොට දරු ප්‍රසූතියට බඩු ගත් කතට ඇප – අත්අඩංගුවේදී දරුවා ප්‍රසූත කරලා

499

මඟුල් ගෙදරකට යන්න අසල්වැසි කාන්තාවකගෙන් ලබාගත් රන් මාලයක් උගස්කොට සිය දරු ප්‍රසූතිය සදහා අවශ්‍ය භාණ්ඩ ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ගැබිනි කාන්තාවක් රුපියල් 10,000 ක ශරිර ඇපයක් මත මුදාහැරීමට කොළඹ වැඩ බලන මහෙස්ත්‍රාත් සම්පත් ජයවර්ධන මහතා ඊයේ (02 දා) නියෝග කළේය.

වෙරළබඩ පොලිසිය විසින් සැකකාර ගැබිනි කාන්තාව අත්අඩංගුවට ගෙන තිබූ අතර ඇය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව විලිරුදාව සැදී පොලිසිය විසින් කොළඹ කාසල් රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.

සැකකාරිය රෝහලට ඇතුළත් කර පැය කිහිපයකට පසු ඇය විසින් දරුවකු ප්‍රසූත කර ඇත. පොලිස් අත්අඩංගුවේ සිටි ඇය විමර්ශනය සඳහා වැඩ බලන මහෙස්ත්‍රාත් සම්පත් ජයවර්ධන මහතා රෝහල වෙත ගොස් සැකකාරිය වෙත ඇප ලබාදීම සිදු කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ඇයගෙන් කරුණු විමසීමේ දී අසල්වැසි කාන්තාවගෙන් ලබාගත් රන් මාලය සිය දරු ප්‍රසූතිය සඳහා අවශ්‍ය භාණ්ඩ ලබාගැනීම සඳහා උකස් කළ බවට ඇය විසින් ප්‍රකාශ කර ඇත.
ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment