අනුන්ගේ සර්පයා ගෙදර අරන් ගිය අය කූඩු

294

වත්තල පිහිටි පෞද්ගලික බැංකු ශාඛාවක ඒටීඑම් යන්ත‍්‍රයක අමතකව දමා ගිය රුපියල් දෙලක්ෂයක මුදලක් බැංකු නිලධාරීන්ට පවා නොදන්වා රැගෙන ගිය සැකකරුවකු බ‍්‍රහස්පතින්දා රාත‍්‍රි 7.10 ට පමණ අත්අඩංගුවට ගැනීමට වත්තල පොලිසිය සමත් වී ඇත.
 
 පොලිස් පැමිණිල්ලට අනුව සිද්ධියවූ 17දා දහවල් අදාල බැංකු ශාඛාවේ ඒටීඑම් යන්ත‍්‍රයකින් රුපියල් ලක්ෂ දෙකක් ලබාගැනීමට පෑමිණි පුද්ගලයා මුලින්ම යන්ත‍්‍රයෙන් පිටතට එන කාඞ්පත පමණක් රැගෙන පිටත්ව ගොස් තිබේ. ඊට පසු සුළු මොහොතකින් අදාළ මුදල් අතට ගැනීමට අමතක වූ බව සිහිපත්ව එම ස්ථානය වෙත නැවත පිවිසීමේදී එම මුදල් එහි තිබී නොමැත.
 
 අදාළ පුද්ගලයා බැංකු ශාඛාවේ නිලධාරීන් වෙත හා වත්තල පොලිසිය වෙත පැමිණිලි කර ඇත. පසුව පොලිසිය විසින් වත්තල මහෙස්ත‍්‍රාත් අධිකරණයේ අවසරය ඇතිව සීසීටීවී දර්ශන පරීක්ෂාවට ලක් කර ඇත. එහි දර්ශන අනුව පැමිණිලිකරු හාවිතා කළ ඒටීඑම් යන්ත‍්‍රය අසල පිහිටි අනෙක් යන්ත‍්‍රයෙන් මුදල් තැන්පත් කළ පුද්ගලයා මෙම රුපියල් ලක්ෂ දෙකක මුදල රැගෙන කිසිවකුටත් නොදන්වා පිටත් ගොස් ඇති බවට අනාවරණය වී ඇත.
 
 වත්තල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සිලෝගම මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඩබ්ලිව්. එම්. ඒ. සඳනුවන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පොලිස් සැරයන් වසන්ත (48908*, පොලිස් කොස්තාපල්වරුන් වන එදිරිසිංහ (46128*, හේමන්ත (52429* යන නිලධාරිහු වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබති.

හැඳල – පී. ජේ. ස්ටැනිස්ලස්
 

advertistmentadvertistment
advertistmentadvertistment