අනුන් විනිශ්චය නොකරන්න

313

ජේසුස් වහන්සේ අපට උගන්වා ඇත්තේ කිසිවිටක අනුන් විනිශ්චය නොකරන ලෙසය. අනුන් වරදට පත් කළොත් විනිශ්චයට ලක් කළොත් අපත් වරදට පත්කරන බව උන්වහන්සේ වදාළ සේක.

සැබැවින්ම උන්වහන්සේගේ මෙම නියෝගය අප පිළිපදිනවාද? අද සමාජය දෙස බැලූ විට බොහෝ අය අන් අයව විනිශ්චය කරනු බව පෙනේ. අරය මෙහෙමයි, මෙයා මෙහෙමයි, මෙයාට අහවල් දඬුවම දෙන්න ඕනේ, යනුවෙන් සමහරු වෙනත් අයව විනිශ්චයට ලක් කරති. එහෙත් ‘සියල්ලෝම පව් කොට දෙවියන් වහන්සේගේ මහිමයෙන් හීනවී සිටිති’යි ශු. බයිබලය ප‍්‍රකාශ කරයි. එසේ නම් අනුන් විනිශ්චයට ලක් කිරීම කිසිවකුට අයිති නැත.

‘අනුන් විනිශ්චය නොකරන්න, එවිට ඔබත් විනිශ්චය කරනු නොලැබේ. අනුන් වරදට පත්නොකරන්න. එවිට ඔබත් වරදට පත්කරනු නොලැබේ. සමාව දෙන්න, එවිට ඔබටද සමාව දෙනු ලැබේ.’ (ශු. ලූක්:06:37) සඳහන්ය.

ජේසුතුමන් එසේ පවසන්නේ ඇයි? අප කරන කියන හැම කි‍්‍රයාවකම ප‍්‍රතිවිපාක අපට කොයි මොහොතක හෝ භුක්ති විඳින්නට සිදුවේ. යහපත් කි‍්‍රයාවලට යහපත් ප‍්‍රතිඵලද, අයහපත් කි‍්‍රයාවලට අයහපත් විපාකද ලබාදීම විශ්ව න්‍යායයි. හෙවත් දේව අභිමානයයි. බොහෝවිට මෙම සත්‍යතාව කෙනෙකුට තේරුම් යන්නේ තමාගේ මරණ මංචකයේදීය. එවිට ප‍්‍රමාද වැඩිය.

එබැවින් නිතරම අනුන් දෙස නොව තමා දෙසම බලන්න. සෑම විටම ස්වයං ආත්ම සෝදිසියක යෙදෙන්න. මෙලොව සියල්ල හැරදා යන මොහොතක් වන බව නිතර සිහිකර තෘෂ්ණාවෙන් මිදී සිත පිරිසිදුව තබා ගන්න. මේ සඳහා ‘පාපොච්චාරණ’ ප‍්‍රභද නිධානය කතෝලික අපට දිව්‍ය ඖෂධයකි. නිතරම අනුන් ගැන සොයමින් විනිශ්චය කරන කෙනාට තමන් ගැන සෙවීමට වේලාවක් නැත. එහෙත් අන් අයගේ අඩුපාඩු, වැරදි සොයන්නට යොදන කාලය, තමන්ගේ වැරදි අඩු ලූහුඬුකම් නිවැරදි කර ගන්නට යොදා ගන්නේ නම් මෙලොවත්, එලොවත් යන දෙකම වාසනාවන්ත කර ගැනීමට අප සියල්ලන්ටම හැකිවනු ඇත.

ලූෂන් ෂර්ලි එඞ්වඞ්,
ගෝනවල.

අනුන් විනිශ්චය නොකරන්න
advertistmentadvertistment
advertistmentadvertistment