අනුරගේ තීරණය ගැන ජනපති කනගාටුවෙන්

257

සර්ව පාක්ෂික සාකච්ඡා සඳහා ජාතික ජන බලවේගය සහභාගි නොවීමට ගත් තීරණය පිළිබඳව කනගාටු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කර ඇත.

පවතින අර්බුද විසඳීමට ගන්නා ප්‍රයත්නයට රට වෙනුවෙන් එම පක්ෂය එක්වනු ඇතැයි අපේක්ෂා කරන බව ද එම ලිපියෙන් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

සර්ව පාක්ෂික පාලනයක් ඇති කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට තමා යොමු කරන ලද ලිපියට පිළිතුරු ලිපිය ලැබුණු බවත්, එම පිළිතුරු ලිපියේ සඳහන් කරුණු ගැන විශේෂ අවධානය යොමු කළ බවත් ජනාධිපතිවරයා යැවූ ලිපියේ සඳහන් කර ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment