අනුරගේ යෝජනාව රෝහණට ගිහින් පාර්ලිමේන්තුව විනාඩි කීපයක් නවතී… ‘කතානායක රූකඩයක් වෙන්න එපා’… සජිත්ගේ කතාවට ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන්ගේ විරෝධය

1629

ජාතික ජනබල වේගය මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කරන බවට සඳහන් වූ කල් තැබීමේ යෝජනාවක්, ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී මහාචාර්ය රෝහණ බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරන බව කථානායකවරයා විසින් පැවසීම හේතුවෙන් ඊයේ (08දා* පාර්ලිමේන්තුව විනාඩි කිහිපයකට අත්හිටුවීමට සිදු විය.
 
 ඒ අනුව පාර්ලිමේන්තු කටයුතු ඊයේ 11.55 ට විනාඩි 05 කට යැයි කියමින් නවතා දැමූ කථානායකවරයා, පසුව නැවතත් දහවල් 12.30 ට පමණ සභාවේදී කටයුතු ආරම්භ කළේය. අදාළ කල්තැබීමේ යෝජනාව තමන් විසින් ගෙන එනු ලබන බවට අනුර කුමාර දිසානායක මහතා මීට පෙර පැවැති පක්‍ෂ නායක රැුස්වීමකදී යෝජනා කර තිබේ. ඒ අනුව එම යෝජනා අද (09දා* දින විවාදයට ගනු ලබන්නේ දැයි මන්ත‍්‍රීවරයා කථානයකගෙන් විමසූ අවස්ථාවේ කථානායක එය ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරයෙකුගේ යෝජනාවක් ලෙස ගෙන එන බවට ප‍්‍රකාශ කිරීම හේතුවෙන් සභාවේ යම් අර්බුදකාරී තත්ත්වයක් ඇති විය.
 
 ඒ සඳහා මීට පෙර කථානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති පක්‍ෂ නායක රැුස්වීමට සහභාගී වූ විපක්‍ෂනායක ඇතුළු තවත් මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුට මැදිහත් වීමට සිදුවිය.
 
 එහිදී විපක්‍ෂනායකවරයා කථානායක රූඩකයක් වන්න එපා යැයි කීම හේතුවෙන් ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරු ඊට විරෝධය දැක්වූහ. පසුව 27-2 යටතේ විශේෂ ප‍්‍රකාශ සිදුකිරීම සහ ඒවාට පිළිතුරු සැපයීමෙන් පසුව මෙලෙස පෙරවරු 11.55 ට පමණ සභාව කල් තැබීමට සිදුවිණි.
 
  අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment