අනුරපුරේ වියළි සුළඟත් සැපයි – ප‍්‍රවීණ රංගධර රවින්ද්‍ර රන්දෙනිය

266

මෙවර ඵහ My Favourite Location විශේෂාංගය හරහා මෙරට සුන්දරම ස්ථානය පිළිබඳව කතාබහට එක් වන්නේ දශක කීපයක් පුරා ලාංකික රංග කලාව තුළ ස්වකීය ප‍්‍රතිභාව විදහා දැක්වූ ප‍්‍රවීණ රංගධරයකු වන රවින්ද්‍ර රන්දෙනියය. විටෙක වාණිජ සිනමාවත් තවත් වරක මැද මාවතේ සිනමාවත් එමෙන්ම කලාත්මක සිනමාවත් එකසේ දිග් විජය කළ ප‍්‍රවීණ රංගධර රවින්ද්‍ර රන්දෙනිය රූගත කිරීම් අතරතුර මෙරටදී දුටු සුන්දරම ප‍්‍රදේශය පිළිබඳ අප හා සංවාදයට එක්වූවේ මේ ආකාරයෙන්ය.

 * මෙරට සිටින ප‍්‍රවීණ රංගධරයෙක් ලෙස රූගත කිරීම් අතරතුර ඔබට දකින්නට ලැබුණ මෙරට වඩාත්ම සිත්ගත් ප‍්‍රදේශය කුමක්ද?

 අපේ රටේ බොහෝ ප‍්‍රදේශවල සංචාරය කරන්න මට අවස්ථාව ලැබිල තිබෙනවා. චිත‍්‍රපට හා ටෙලි නාට්‍ය රූගත කිරීම් සහ ඒ වගේම පෞද්ගලිකව පරිසරයට ඇලූම් කරන අයෙක් ලෙස ඒ අත්දැකීම් ඇසුරින් ඔබේ ප‍්‍රශ්නයට පිළිතුරක් දෙනවනම් මට මේ රටේ ලස්සනම තැන බවට පත්වෙන්නේ අනුරාධපුරය. මගේ සාමාන්‍ය ජීවිතය ගත් විටත් ඒ තත්ත්වයේ වෙනසක් නෑ. අනුරාධපුර ශුද්ධ නගරයට ඇතුළු වූ පසු දැනෙන මානසික සුවය වචනයෙන් විස්තර කළ නොහැකියි. එහිදී මා ලබන ආධ්‍යාත්මික සුවය ඒ තරම් ගැඹුරුයි.

අනුරපුරේ වියළි සුළඟත් සැපයි - ප‍්‍රවීණ රංගධර රවින්ද්‍ර  රන්දෙනිය

* අනුරාධපුරය කෙරෙහි ඔබ තදින් බැඳෙන්නේ රංගන ජීවිතයට පිවිසීමෙන් පසුවද? එහෙමත් නැත්නම් ඊටත් පෙර සිටද?

 නැහැ. රංගන ජීවිතයට පිවිසෙන්න පෙරත් අනුරාධපුර කියන පරිසරයට මා ඇලූම් කරන්න ගන්නවා. වියළි කර්කෂ පරිසරයක් වුවත් වචනයෙන් විස්තර කළ නොහැකි සුවදායක බවක් කුඩා කල පටන් මට දැනෙන්න ගන්නවා. ඒක වෙන්නේ මෙහෙමයි. ඒ කාලේ අපේ පවුලේ සාමාජිකයන් ඒ වගේම අපේ ඥාති පිරිස කණ්ඩායමක් වශයෙන් වසරකට වරක් වන්දනාව පිණිස මඩු පල්ලි යනවා. එහෙම අනුරාධපුරයේදී තමයි අපි උදෑසන ආහාරය ගන්නේ. වැව් කණ්ඩියක් අද්දර පිහිටි ගහක් යට. නැවත පැමිණෙද්දීත් දිවා ආහාරයට අනුරාධපුරයට එනවා. ඒ ඇවිත් වැවකින් නාල දිවා ආහාරයත් අරගෙන තමයි නැවත ගමන පිටත් වෙන්නේ. අන්න ඒ කුඩා කාලයේ ලබපු අත්දැකීම එක්ක තමයි පසු කලෙක අනුරාධපුරය කියන ප‍්‍රදේශය තව තවත් ලස්සන වෙන්න ගත්තේ. මම මෙතැනදී අනුරාධපුරය කියල හඳුන්වන්නේ නගරය නොවෙයි. වාණිජමය මුහුණුවරින් තොර අනුරාධපුර පූජා නගරය හා අවශේෂ පරිසරය තුළ දකින සුන්දරත්වය ගැන පමණයි මම මේ කතා කරන්නේ. රූපගත කිරීමකට හෝ වෙනත් පෞද්ගලික කටයුත්තක් පිණිස ඒ ප‍්‍රදේශයට මා ගියොත් ජයශී‍්‍ර මහා බෝධිය ඒ වගේම රුවන්වැලි මහා සෑය නොදැක ආපසු පැමිණෙන්නේ නැහැ.

 * හොඳයි ඔබ වඩාත් පි‍්‍රයකරන ප‍්‍රදේශය ලෙස අනුරාධපුරයේදී රූගත කළ පළමු චිත‍්‍රපටයට සහභාගී වෙන්න ලැබෙන්නෙ කොහොමද?

 මහා සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා ගේ ආරාධනාවකට අනුව ඔහුගේ ඔයැ ඨදා ණසබට කියන චිත‍්‍රපටය තමයි මා රංගනයෙන් දායකවූ චිත‍්‍රපට අතරින් එහිදී මුලින්ම රූගත කරන්නේ. එම රූගත කිරීම සිද්ධ වුණේ 1973 වර්ෂයේදී. ඒ සඳහා මාස දෙකක පමණ කාලයක් අපි අනුරාධපුරයේ නතරවී ඉන්නවා. ඒ මාස දෙකක කාලය පුරා රූගත කිරීම් අතරතුර ලැබෙන විවේකයන් මා යොදා ගත්තේ අනුරාධපුරයේ සිරි නරඹන්න.

 * එම රූගත කිරීම් ඇතුළත සිදුවූ විශේෂ සිදුවීම් මොනවාද?

 ඔයැ ඨදා ණසබට කියන්නේ මා රඟපෑ තුන්වන චිත‍්‍රපටය. ඒ සඳහා විජය කුමාරතුංග සහ රොබින් ප‍්‍රනාන්දු කියන අපට සිටිය ප‍්‍රවීණ රංගවේදීන් දෙදෙනාත් සහභාගි වුණා. ඊට අමතර විදේශීය නළුවන් කීපදෙනෙකුත් ඒ චිත‍්‍රපටයට සම්බන්ධ වෙනවා. ඵෙතිහාසික තේමාවක් පසුබිම් කර ගනිමින් සිදුකළ නිර්මාණයක් ලෙස මට ඒකේදී රඟපාන්න ලැබුණේ මුගලන් චරිතය. විජය සහ රොබින් ඒ වෙද්දීත් ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන්. ඒ දෙන්නට සාපේක්‍ෂව ගත්තොත් ඒ කාලේ වෙද්දී මම රංගනයට තරමක ආධුනිකයෙක්. නමුත් අපි තුන්දෙනාම කොටහේන ශාන්ත බෙනඩික් විදුහලේ ආදි ශිෂ්‍යයන් හින්දා ලොකු සමීප බවක් ඇති වෙනවා. අශ්වයන් පවා මේ චිත‍්‍රපටයේ යම් යම් ජවනිකා සඳහා යොදා ගත්තා. එතනදී උදෑසන 6.00 පමණ වෙද්දී අනුරාධපුර පිහිටි නුවර වැව් කණ්ඩියේදී අසුන් පදින්න පුහුණුවීම් කරන්න අපට සිද්ධ වෙනවා. ඒක අපි තුන්දෙනාටම සුවිශේෂී අත්දැකීමක් බවට පත් වෙනවා.

 * ඊට අමතරව අනුරාධපුරයේදී රූගත කළ වෙනත් චිත‍්‍රපට පිළිබඳ යමක් පවසනව නම්.

 ඔව්. සිරිපාල හා රන්මැණිකා ඇතුළු චිත‍්‍රපට රැුසක් ඒ ප‍්‍රදේශය මුල්කර ගනිමින් රූගත කළා. සිරිපාල හා රන්මැණිකා චිත‍්‍රපටය මා රංගනයෙන් දායක වූ හොඳම චිත‍්‍රපටයක්. එහි ප‍්‍රධාන නිළිය විදිහට රංගනයෙන් දායක වුණේ මාලනී ෆොන්සේකා. මිහින්තලා ගල ආසන්නයේ පිහිටි දර්ශන තලයක තමයි ඒ රූගත කිරීම සිද්ධ වෙන්නේ. ඒ ආසන්නයේ තරමක් විශාල කන්දක් තිබුණේ. එතනට ගොඩවුණාට පස්සේ පේනතෙක් මානයේ තිබෙන වැව් අමුණු, වෙහෙර විහාර සුන්දර තැනිතලා ආදිය සිත් සේ දැක ගන්න ලැබෙනවා. එය පුදුම උපදවන සුළු චමත්කාරයක්. ඒ කාලය ගත්තොත් අනුරාධපුරය කියන්නේ අද තරම් දියුණුවක් නොතිබූ ප‍්‍රදේශයක්. රූගත කිරීම්වලින් අනතුරුව වැවකින් ස්නානය කරල වැව් කණ්ඩිය මතට ගොඩ වුණාට පස්සේ පුදුමාකාර සනීපයක් දැනෙනවා. ඒ සුවදායක බව ලෝකයේ වෙනත් තැනකදී මම විඳලා නෑ.

 * ටෙලි නාට්‍ය පිරිසත් ඔබ රංගනයෙන් දායකත්වය ලබාදී තිබෙනවා. අනුරාධපුර ප‍්‍රදේශය මුල්කර ගනිමින් රූගත කළ ටෙලි නාට්‍ය පිළිබඳ යමක් පවසන්න පුළුවන්ද?

 ප‍්‍රවීණ චිත‍්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂ ජයන්ත චන්ද්‍රසිරි විසින් අධ්‍යක්‍ෂණය කළ ‘රැුජින’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සිදුකළේ අනුරාධපුරයේ. අපේ කණ්ඩායම සති දෙකක පමණ කාලයක් එහි නතර වෙලා හිඳිමින් තමයි ඊට සහභාගි වෙන්නෙ. බසවක්කුලම වැව් කණ්ඩියේ ඉදිකරන ලද සංචාරක නිවාඩු නිකේතනයක් තමයි අපේ නවාතැන් පළ බවට පත්වෙන්නේ. වියළි කාලගුණයත් එක්ක බසවක්කුලම වැවේ ජලය අඩුවෙන කාලෙට වැව මැද්දෙන් පිහිටි ගල්තලාව මතුවෙන්න ගන්නවා. අපි ‘රැුජින’ රූගත කළ කාලයත් එහෙම කාලයක්. තරමක කැලෑවක් පසුකරල ගියාට පස්සේ ඒ ගල් තලාවට ගොඩවෙන්න කෙටි මාර්ගයක් තිබුණා. මම හැමදාම වගේ කළුවර වැටුණට පස්සේ එතනට යනවා. සඳපහන් රැුයක ඒ ගල්තලාව මත ගත කරන ටික වෙලාව තුළ පවා පුදුමාකාර ආධ්‍යාත්මික සුවයක් ගෙන දෙනවා. එතනට මහ සෑයවල් තුනම ඉතාමත් ලස්සනට දර්ශනය වෙනවා. එය කෙනෙකුට දකින්නට ලැබෙන විරල දර්ශනයක් කියල කිව්වොත් නිවැරදියි.


  රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment