අනුරපුර මහ නගර සභා විපක්‍ෂ නායකගේ ගෙදරත් ‘ගෑස් පිපිරීමක්’

114

අනුරාධපුර මහ නගර සභාවේ විපක්ෂ නායක ටී. ඇම්. ධර්මසේන තෙන්නකෝන් මහතාගේ අනුරාධපුර දෙවන පියවර ප‍්‍රදේශයේ පිහිටි නිවසේ පෙරේදා (13 දා) රාත‍්‍රී ආහාර පිළියෙල කොට ගෑස් උඳුන නිවා සුළු මොහොතකට පසු එහි රෙගියුලේටරය අසලින් පුපුරා ගොස් ඇත.

එදින රාත‍්‍රී 7.45 ට පමණ ආහාර පිළියෙල කිරීමෙන් පසු විපක්ෂනායකවරයාගේ බිරිඳ ගෑස් ලිප නිවා විනාඩි දෙකකට පමණ පසු එකවරම පිටවූ ශබ්දයක් සමග එහි රෙගියුලේටරයේ කර මුලින් පුපුරා ගොස් තිබේ.

මෙම සිද්ධියෙන් කිසිවකුටත් අනතුරක් සිදුවී නැත. ගෑස් සිලින්ඩරය පරීක්ෂා කිරීමේදී එම ගෑස් සිලින්ඩරයෙන් ගෑස් කාන්දු වීමක් දක්නට ලැබුණු බව විපක්ෂනායකවරයා පැවසීය. මේ පිළිබඳව අනුරාධපුර පොලිසිය පරීක්ෂණ පවත්වයි.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment