අනුරපුර රැස්වීමෙන් රටට ලබාදුන් මැතිවරණ පණිවිඩය

800

පසුගිය සතිය තරමක් උණුසුම් දේශපාලන සතියක් විය. උණුසුම් වාද විවාද කීපයක්ම දේශපාලන කරළියේ සකී‍්‍රයව පැවති සතියක් නිසා බොහෝ දේශපාලනඥයෝ කාර්ය බහුල වූහ. ඒ අතර දේශපාලනඥයන් අතර කොවිඞ් පැතිරීම ද පසුගිය සතියේ උග‍්‍රව පැවතීම හේතුවෙන් සමහර දේශපාලනඥයෝ පමණක් නොව ඔවුන්ගේ සමීපතමයන් ද නිරෝධායනයට ලක්වී සිටියහ. මේ හේතුවෙන් සමහර අමාත්‍යාංශවල ඇමැති කාර්යාල හා ඊට ආසන්න තවත් කාර්යාල වසා දමා තිබූ සතියක් ලෙස පසුගිය සතිය වාර්තා විය.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ පසුගිය සතිය ආරම්භයේදී අවධානය යොමු කර සිටියේ අනුරාධපුරයේ පවත්වන්නට නියමිත ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ රැස්වීම ගැනය. මෙය ඉතා හොඳින් හා සියලූ නීති රීතිවලට අනුකූලව පවත්වන ලෙස ඒ වන විටත් ජනාධිපතිවරයා අවශ්‍ය උපදෙස් ලබාදී තිබිණි. ඒවා නිසි පරිදි නීතියට එකඟව සිදුවනවා දැයි බලන්නට ආරක්‍ෂක අංශවලට ද උපදෙස් දී තිබීම නිසා රැස්වීමේ ප‍්‍රධාන සංවිධායක රෝහිත අබේගුණවර්ධනට වැඩ වැඩි විය. ‘පුංචි වරදක්වත් කරන්න එපා ජනාධිපතිතුමා ඒ ගැන අවධානයෙන් ඉන්නේ” අගමැති උපදෙස් දුන්නේය.

මේ අතරතුර ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ දේශපාලන කටයුතු ද මේ දිනවල වේගවත් වී තිබුණේ පක්‍ෂ නායක මෛති‍්‍රපාල සිරිසේනගේත් මහලේකම් දයාසිරි ජයසේකරගේත් මෙහෙයුම් කි‍්‍රයාත්මක වීම නිසාය.

පසුගියදා එළිපිටම මාධ්‍යවලට ප‍්‍රකාශ නිකුත් කරමින් පක්‍ෂයේ නායක මෛති‍්‍රපාල සිරිසේන කියා සිටියේ පොහොට්ටුවත් සමග දිගින් දිගටම වැඩ කරන්නට නොහැකි නිසාත් පොහොට්ටුවෙන් ඈත් වන්න යැයි තම පාක්‍ෂිකයන් කියන නිසාත් ඉදිරි මැතිවරණවලට තරග කිරීම සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය පොහොට්ටුවේ අය නැති සන්ධානයක් පිහිටුවන්න උත්සාහ කරන බවය. මේ සඳහා දැනටමත් ආණ්ඩුව ඇතුලේ සිටින සෙසු පක්‍ෂ සමග ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සාකච්ඡා පවත්වා ඇති බව මෛති‍්‍රපාල සිරිසේන හෙළි කළේය.

ඔහු එය කීවා පමණක් නොවේ. ඔහු එය ප‍්‍රායෝගිකව කර පෙන්වන අන්දමේ සාකච්ඡා වට ගණනාවක් ද පසුගිය දිනවල පවත්වනු ලැබුවේය.

මේ අතර පසුගිය සතියේ අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මෙහෙයුම් වේගවත් විය. දිස්ති‍්‍රක්කයේ ශී‍්‍රලනිප නායක දුමින්ද දිසානායක තම සංවිධාන ශක්තිය මෙහෙයවමින් අනුරාධපුරය පුරාම ශාඛා සමිති පිහිටුවීම හා සාමාජිකයන් ප‍්‍රවර්ධනය කිරීම වේගවත් කළේ එම සතියේම අනුරාධපුරයේ පවත්වන්නට නියමිත වූ පොදුජන පෙරමුණේ මහා රැලියට සමගාමීවය.

එහෙත් ඒ අතර දෙපිරිස අතර මතභේදාත්මක තත්ත්වයක් ද පසුගිය සති අන්තයේ වාර්තා වූයේ ප‍්‍රතිසංවිධාන කටයුතුවල දෙපාර්ශ්වයම නියෝජිතයෝ ගම් මට්ටමින් නිරත වී සිටින අතරතුර දේශපාලන කරළියේ මුහුණට මුහුණ හමුවන්නට සිදුවීම නිසාය.

  • මල්වතු විහාරයට
    ජනපතිගෙන් තෑග්ගක්

නිදහස් උළෙල පැවැත්වීම සම්බන්ධයෙන් විපක්ෂයෙන් නැෙඟන චෝදනා කිසිවකටත් උත්තර නොදී ජනාධිපතිවරයා මෙවර නිදහස් උත්සවය ඉතා උත්කර්ෂවත්ව හා ගරු ගාම්භීරව සමරනු ලද්දේ ය. මේ සම්බන්ධයෙන් විපක්ෂයෙන් නැෙඟන චෝදනා ඔහු කනකටවත් ගත්තේ නැත.

පහුවදා එනම් සෙනසුරාදා උදේ ජනාධිපතිවරයා මහනුවර බලා පිටත්ව ගියේය.

මීට වසරකට පෙර ජනාධිපතිවරයා මහනුවර මල්වතු විහාරයට ගිය වේලාවක දී මල්වතු විහාර බිමේ පැවැති එක්තරා ගරාවැටුණු විහාරයක් නරඹන්නට ගොස් එක් පොරොන්දුවක් වූයේ ය.

මල්වතු විහාර භූමියේ විහාරස්ථාන විසි ගණනක් තිබේ. ඒ අතරින් අනුනායක හිමියන් වැඩවාසය කරන මාත්ගමුව විහාරය සංඝාවාසයකට නොසුදුසු ලෙස ගරාවැටී අබලන්ව තිබෙනවා දැක යළි පිළිසකර කරන්නට භාර ගත්තේය. තෙමහල් පහයක් ලෙස තිබෙන මෙම මාත්ගමු විහාරය පිළිසකර කර වසරක් ඇතුළත භාර දීමේ වගකීම භාර දුන්නේ නාවික හමුදාවට ය.

ජනාධිපතිවරයා එදා මහනුවර බලා පිටත්ව ගියේ සියලූ වැඩ අවසන් කර තුන් මහල් ප‍්‍රාසාදයක් ලෙස නිමවා තිබූ එම විහාරස්ථානය යළිත් මහා විහාරයේ අනුනායක හිමියන් වෙත භාරදීමේ මාහැඟි පිංකම ඉටුකිරීම සඳහාය.

මුලින්ම මහා විහාර බිමට ගිය ජනාධිපතිවරයා මල්වතු මහා නායක තිබ්බොටුවාවේ සුමංගල මහානායක හිමියන් මුණගැසී ටික වේලාවක් සුහද පිළිසඳරක යෙදී සිටියේය…

‘‘මේ දවස්වල ඔබතුමා හොඳටම අවිවේකීයි…”

‘‘ඔව් අපේ හාමුදුරුවනේ… රාජ්‍ය පාලන කටයුතුවලට අමතරව මේ කොවිඞ් මර්දන කටයුතු ගැනත් මම වැඩිපුර අවධානය යොමු කරල ඉන්නවා. වැක්සීන් එක ගහලා මේ උවදුර අපිට පාලනය කරන්න පුළුවන් වුණා. ලෙඬේ හොඳටම උත්සන්න වෙලා මරණ ගාන වැඩිවෙනකොට ජනතාව මේක හොයාගෙන ගිහිල්ලා එන්නත්කරණයට ලක්වන තත්ත්වයක් තිබුනට දැන් තුන්වන මාත‍්‍රාව විද ගන්න පොඞ්ඩක් අදි මදි කරන බව පේනවා..”

අපට පැහැදිලියි… ජනාධිපතිතුමා නිවැරදි තීන්දු තීරණ ගත්තා…

‘‘තුන්වෙනි මාත‍්‍රාව ගත්තෙ නැත්නම් අපේ හාමුදුරුවනේ…. පූර්ණ ආරක්ෂාවක් ලැබෙන්නෙ නෑ කියලයි වෛද්‍ය මතය. ඒ වුණාට මිනිස්සු අදි මදි කරන්නේ සමාජය තුළ ඒ ගැන වැරදි මත පැතිරිලා තියෙන නිසා.

සමහර අය දේශපාලනිකව වාසි ගන්න රටේ ජනතාව බිල්ලට තියනවා. ජනතාව නොමඟ යවනවා මේ එන්නත ගත්තාම විවිධ සංකූලතා ඇති වෙනවා කියලා. ජනතාව ඒවට කන්දීලා එන්නත නොගෙන හිටියොත් ඉස්සරහට එන උත්සව කාලෙදී රෝගය පැතිරීම ශීඝ‍්‍ර වෙලා රට ආයෙත් වහන්න වෙයි. එහෙම වුණොත් මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න බැරි විදියට බිඳ වැටෙනවා…”

ජනාධිපතිවරයා මහා නායක හිමියන්ට කරුණු පැහැදිලි කළේ එසේය.

විවෘත කිරීමට නියමිත විහාරයට මහා නායක හිමියන්ගේ සංඝාවාසයේ සිට වැඩි දුරක් නොවීය. පිළිසඳර අවසන් වූවාට පසුව ජනාධිපතිවරයා නිසි වේලාවට පැමිණ පීත්ත පටිය කපා සංඝාවාසය මහා විහාරය වෙත භාර කළේ මාත්ගමුව විහාරයේ වැඩ වාසය කළ මහා විහාරයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධර්ම හිමියන් වෙත සන්නස් පත‍්‍රයක් ප‍්‍රදානය කරමිනි. නාවික හමුදාපති සංඟාවාසයේ යතුර ප‍්‍රදානය කළේය. දිඹුල්කුඹුරේ හිමියෝ මෙහිදී කෙටි අනුශාසනාවක් කළෝය.

ජනාධිපතිවරයා ඇතුළු පිරිස මේ තුන් මහල් ප‍්‍රාසාදයේ ඉදිකිරීම් නිරීක්ෂණය කළහ…

‘‘සංඝාවාසයට වුවමනා උපකරණ සියල්ලත් ඔබතුමා නිවැරදිව ස්ථානගත කරලා තියෙනවා… ජනාධිපතිවරයා නාවික හමුදාපතිට ස්තුති කළේය.

ඒ සියලූ කටයුතුවලින් අනතුරුව යළි කොළඹ බලා පිටත්වීමට පෙර අස්ගිරි මහා විහාරයට ද ගොස් විහාරාධිපති වරකාගොඩ ඥානරතන හිමියෝ බැහැදැක කතාබහ කරන්නට ද ජනාධිපතිවරයා අමතක නොකළේය.

එම අවස්ථාවේ විහාරය ආසන්නයේ ගරා වැටී ඇද වැටෙන්නට ළංව තිබෙන අවදානම් සහගත පැති බැම්මක් දුටු ජනාධිපතිවරයාට වහාම ඊට අවශ්‍ය නිසි පියවර ගන්නා ලෙස කාටදෝ නිලධාරියකුට දුරකථනයෙන් අමතා උපදෙස් දෙනු දක්නට ලැබිණි.

  • මැතිවරණයකට යන්න
    මහින්ද ගෝඨා එකඟයි !

පසුගිය බදාදා පස්වරුවේ අනුරාධපුර සල්ගාදු ක‍්‍රීඩාංගණයේ පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැලිය පසුගිය සතියේ අපේ දේශපාලන කරළියේ කොයි කාගේත් කතාබහට ලක් වූ පොදු මාතෘකාවක් විය. ඊට හේතුව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුව නිර්මාණය වූ පසුව එහි සිටින ප‍්‍රධානතම දේශපාලන පක්ෂය වන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තනිව පවත්වන ලද පළමු රැළිය එය වීම ය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තනිව දේශපාලන රැළි මාලාවක් රටපුරා පවත්වන්නට හේතු වූ පසුබිම් කාරණාවක් ද තිබිණි.

කාරණාවක් යැයි කීවාට එය එක්තරා අන්දමකට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන්ගෙන් පැමිණි ප‍්‍රබල දේශපාලන චෝදනාවක් විය.

‘‘මේ ආණ්ඩුව දැන් බලයට ඇවිත් සම්පූර්ණ කාලයෙන් භාගයක් ගතවෙලා ඉවරයි. අපේ පක්ෂය හැරුනාම අනිත් හැම පක්ෂයක්ම දේශපාලනය කරනවා. විපක්ෂයත් දේශපාලනය කරනවා. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂත් දේශපාලනය කරනවා. අපි විතරක් ආණ්ඩුව හැටියට එන චෝදනාවලට උත්තර දිදී විතරක් ඉන්නවා. මෙහෙම ඉඳලා කොහොමද අපි තව අවුරුදු දෙකහමාරකින් ඡුන්දෙකට මුහුණ දෙන්නේ…”

මෙය එක් පාර්ශ්වයකින් දෙකකින් පැමිණි චෝදනාවක් වූයේ නැත. හැම පැත්තකින්ම ආණ්ඩු පක්ෂයේ නායකයන්ට මේ චෝදනාව ගලා එන්නට විය.

පසුව මේ කාරණාව ආණ්ඩු පක්ෂයේ අභ්‍යන්තරයේ බරපතළ ලෙස සාකච්ඡාවට ලක්විය. ආණ්ඩු පක්ෂය හැමදාමත් විපක්ෂයේ චෝදනාවලට උත්තර බැඳ බැඳ ඉන්නේ නැතිව ඉතා ඉක්මනින් කොතනකින් හෝ දේශපාලනය කිරීම ආරම්භ කළ යුතුයැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයො තීන්දු කළේ ඒ අනුවය.

‘‘පොහොට්ටුව හැටියට අපිත් වෙනම දේශපාලන කටයුතු පටන් ගන්න එක තමයි හොඳ…” ජනාධිපතිවරයාද කීවේය. ඇතුළාන්තයේ සිදුවූ සාකච්ඡාවකින් පසුව පෙබරවාරි 10 වැනිදා සිට මේ රැස්වීම් මාලාව පටන් ගන්නට තීන්දු වූයේ ඒ අනුව ය.

මේ රැස්වීම් මාලාව සංවිධානය කිරීමේ වගකීම භාර වූයේ රෝහිත අබේගුණවර්ධනට ය. පළමුව අනුරාධපුරයේ පවත්වන රැස්වීම එස්. එම්. චන්ද්‍රසේන ඇතුළු ප‍්‍රදේශයේ දේශපාලන බලවතුන්ගේ ද සහයෝගය ඇතිව සංවිධානය කරන්නට රෝහිත කටයුතු කළේය.

මේ දිනවල එම රැළි ආරම්භ කිරීමට ගත් තීන්දුවට ජනාධිපතිවරයා මුලදී විරුද්ධ විය.

‘‘මාස පහක්ම පරක්කු වෙච්ච උසස් පෙළ දරුවන්ගේ විභාගයත් ඉවර වෙලාම මේක පටන් ගත්ත නම් තමයි හොඳ…” ජනාධිපති කීවේය.

අවට පාසල්වලට කරදරයක් නොමැතිව විභාගය අවසන් වූවාට පසු හවස හතරට රැළිය පටන් ගන්නට තීන්දු වූයේ ඒ අනුවය.

රැළියට සහභාගිවීම සඳහා ජනාධිපතිවරයාද වේලාසනම අනුරාධපුරයට ගියේය. මෙම රැළියේ දක්නට ලැබුණු විශේෂත්වය වූයේ සංවිධාන කටයුතුවල දී තරුණ පිරිසට මුල්තැන දී තිබීම ය. එය ජනාධිපතිවරයාගේත් අගමැතිවරයාගේත් බැසිල් රාජපක්ෂ ඇමැතිවරයාගේත් ඉල්ලීමක් වූහ. පක්ෂයේ දේශපාලන අනාගතය තරුණ පරපුරට භාර දීම ඔවුන්ගේ ඉදිරි දැක්මක් වූහ.

රැළියට සහභාගි වන්නට කංචන විජේසේකර වේලාසනින්ම අනුරාධපුරයට පැමිණ සිටියහ… බොහෝ දෙනෙක් කාංචන වටකරගෙන ඔහුට සුබපතන්නට වූයේ ඊට පෙර දිනයේ ස්වර්ණවාහිනියේ පැවැති රතු ඉර වැඩසටහනට සහභාගි වී විපක්ෂයේ හරීන් ප‍්‍රනාන්දු හා මනුෂ නානායක්කාර නිරුත්තර කරමින් පෙන්නුම් කළ සටන්කාමීත්වය නිසාය.

  • රතු ඉර ගැන
    කන්චනට හරසර
අනුරපුර රැස්වීමෙන් රටට ලබාදුන් මැතිවරණ පණිවිඩය

‘‘ඔයා එතනට ගියේ පාස්කු ප‍්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා පරීක්ෂණ වාර්තාව අකුරක් නෑර කියවලා. හරින්ලා මනූෂලා වාර්තාවේ පිටු පෙරළගෙන වාර්තාවෙ නැති දේවලූත් කියවද්දී ඔයා ඒ හැම දෙයක්ම නිවැරදි කළා. නියමයි කංචනා ඔහොම තමයි ඉන්න ඕනා…” පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ පවා පැමිණ කංචනට සුභ පැතුවේ එසේය.

‘‘එයාලා හැමදාම පාර්ලිමේන්තුවට ඇවිත් වීරයෝ වගේ මන්ත‍්‍රී වරප‍්‍රසාදවලට මුවා වෙලා බොරු තොරතුරු දිදී වැරදි මත රට පුරා ප‍්‍රචාරය කරනවා. බොරු ඇත්ත කරන්න හදනවා. ඒ අයට කංචන හොඳ පාඩමක් ඉගැන්නුවා…”

එම වැඩසටහනට කංචන සමග මහින්දානන්ද සහභාගි විය. හදිසියේ විදේශ සංචාරයක් යෙදී තිබුණ බැවින් මෙම රැළියට මහින්දානන්ද පැමිණ සිටියේ නැත.

හවස හතරට රැළිය පටන් ගැනීමෙන් පසු මුලින්ම කතා කළේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්ය. ඉන්දියානු සංචාරයක් නිමවා පැමිණියාට පසු වූ මෙම රැළිය යෙදී තිබීම නිසා ඔහු කතා කළ බොහෝ කරුණු ඉන්දියානු සංචාරයට සම්බන්ධ ඒවා වූහ.

‘‘ජාත්‍යන්තරයේ සහයෝගය අපට ලබා ගැනීම සඳහා ඉන්දියාවත් අපට උදව් කරනවා. මේ වෙලාවේ ලංකාව තනි නොකර ලංකාවට සහයෝගය දක්වන්න කියලා ලෝක බලවතුන්ගෙන් ඉල්ලීමක් කරන්න ඉන්දියාවේ විදේශ ඇමැති එකඟ වුණා.”

දෙවනුව අනුරාධපුරය නියෝජනය කරමින් කතා කළේ චන්න ජයසුමනයි.

‘‘ජනාධිපතිතුමා එන්නත ගෙනල්ලා ජනතාව අතර බෙදා හැරලා ජනතාවට ලොකු ආරක්ෂාවේ සහතිකයක් ලබා දුන්නා. මේ දුෂ්කර අවස්ථාවේත් ජනතාව වෙනුවෙන් වැඩ කළා. එහෙම කලත් විපක්ෂය ඉතා දරුණු විදිහට ජනාධිපතිතුමාට හා ආණ්ඩුවට විවේචන එල්ල කරනවා. මේවාට උත්තර දෙන්න දේශපාලන වේදිකාවට න`ගින්න කියලා අපිට කිව්වේ ජනතාව” චන්න ජයසුමන කීවේය.

‘‘විපක්ෂය පාර්ලිමේන්තු වරප‍්‍රසාදවලට මුවා වෙලා පාර්ලිමේන්තුවේ බොරු කියනවා. බොරු චෝදනා හදලා කියනවා. හැබැයි ප‍්‍රසිද්ධියේ එළියට ඇවිල්ල ඒ බොරු චෝදනා කියන්නේ නෑ… පහුගිය දවසක රූපවාහිනි නාලිකාවකදීත් අපි විපක්ෂයේ බොරු චෝදනා ජනතාවට ඔප්පු කළා… විපක්ෂයේ රෙදි ගැලෙව්වා. ඔවුන් නිරුත්තර කළා…” කංචන කීවේය.

‘‘මෛත‍්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා අද මැරිලා ඉපදිලා වගේ කතා කරනවා. පාස්කු ප‍්‍රහාරය ගැන කතා කරනවා. සහරාන්ලාව නෙවෙයි සහරාන්ගේ ගැහැණු ටිකවත් එදා ඒගොල්ලන්ට අල්ලගන්න බැරි වුණා…” පවිත‍්‍රා කීවාය. ඒ අතර රෝහිත අබේගුණවර්ධන හා ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ද වේගවත් කතා දෙකක් කළහ.

මෙම රැළියට සහභාගි වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂත් අගමැති මහින්ද රාජපක්ෂත් පැමිණියේ එකටය. දෙදෙනා එක ළඟින් වාඩිවී තොරතුරු කතා කරමින් සිටියහ. රැළියේ අවසන් කතා දෙක අගමැතිවරයාගේ හා ජනාධිපතිවරයාගේ ය.

‘‘අවුරුදු දෙකක් පාරට බැහැලා අපි දේශපාලනයක් නොකළාට අපට මේ පාර හොඳට හුරුයි. දැන් අපි ලෑස්තියි. අපි ගමන පටන් ගත්තා. පාර හොඳට හුරු අපිට දැන් කාටවත් නවත්තන්න බෑ…” අගමැති කීවේය.

  • ජනපති නොකළ කතාවක

ජනාධිපති කළේ අන් කවර තැනකවත් මීට පෙර නොකළ අන්දමේ වේගවත් කතාවකි.

‘‘අපි ජනතාවට පොරොන්දු වුණා මේ රට හදනවා කියලා. අවුරුදු දෙකක් නිකරුණේ ගත වුණා කොවිඞ් නිසා. ඒත් දැන් අපිට මේ ඉතුරු අවුරුදු තුන හොඳටම ඇති රට හදන්න. අපි එක කරන්න ලෑස්තියි. අපි ඒක කරනවා. විපක්ෂය, විවිධ එන් ජී ඕ සංවිධාන, දෙස් විදෙස් බලවේග මේ රටේ ජනතාව බය කරලා බොරුවෙන් නොමඟ යවනවා. අපි ඒව ජනතාව ඉදිරියේ ඔප්පු කරනවා. සීයට සීයක් ගොවියාගේ ආදායම ඉහළ නංවන්න පොහොර ඇතත් නැතත් මම ක‍්‍රියා කරනවා. අපි ඒක කරලා පෙන්වනවා.

විපක්ෂය දැන් ආණ්ඩුව පෙරළලත් ඉවරයි. සමහරු ජනාධිපති වෙලාත් ඉවරයි. කණ්ඩායම් හදාගෙන රටපුරා බොරු පතුරවමින් ආණ්ඩුව විවේචනය කරන සමහර අයට මම කියනවා… අවුරුදු පහළවක් ඇමැතිකම් කරලත් පුළුවන්නම් කරපු එක දෙයක් කියන්න… මේවට අපි උත්තර දෙනවා.” මේ අයුරින් ජනාධිපතිවරයා ඉතා ඉක්මනින් කළ වේගවත් කතාව තුළ බොහෝ කරුණු ඇතුළත් විය. විපක්ෂයට දුන් බොහෝ උත්තර තිබිණි. කෙසේ වෙතත් ජනාධිපතිවරයා හරියටම පහයි තිහට රැළියේ කටයුතු අවසන් කළේ රටටම හොඳ ආදර්ශයක් ලබා දෙමිනි.

සල්ගාදු ක‍්‍රීඩාංගණයේ රැළියක් තිබුණා දැයි කියාවත් දැනගත හැකි නොවන සේ සියලූ ඉදිකිරීම් ඉවත් කර පිට්ටනිය සුද්ධ පවිත‍්‍ර කරන ලෙස ජනාධිපතිවරයා සංවිධායකයන්ට වගකීම් භාර දී තිබිණි. සංවිධායකයෝ පිරිසක් පිට්ටනියේ නතර වූ අතර ජනාධිපති අගමැති ඇතුළු පිරිස ඊළඟට ජනාධිපති මන්දිරය බලා පිටත්ව ගියේ විවේකයක් ගැනීමටය. රැළියට පැමිණි බොහෝ දෙනෙක් එතනට පැමිණි නිසා රැළිය ගැනද එහි කතා බහක් ඇති විය.

‘‘අපේ වැඬේ ඉතාම සාර්ථකයි… හරි වෙලාවට පටන් ගත්තා. හරි වෙලාවට අවසන් කළා. ඒ වගේම ජනතාවට කියන්න ඕන සියල්ල කිව්වා…” කියමින් ජනාධිපතිවරයා රැළිය සංවිධානය කළ හා රැළියේ කතාබහ කළ සියලූම දෙනාට ස්තුති කළේය.

ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් දෙදෙනාම එදා රාත‍්‍රිය ගත කළේ අනුරාධපුරයේ ය. ජනාධිපති ගෝඨාභයට පසුදා පාන්දරම යළි කොළඹ බලා ඒමට පෙර රුවන්මැලි සෑය වැඳ පුදා ගන්නට අවශ්‍ය විය. ඔහු එදින උදෙන්ම කොළඹ ඒමට පෙර රුවන්මැලිසෑය ව`දින්නට ගියේය.

  • රන්ජන් ගැන
    සජිත්ගේ කණස්සල්ල

මෙවර නිදහස් දිනයදා නිදහසට සමගාමීම සිරකරුවන් නිදහස් කරන අතරතුරේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා ද නිදහස් කරනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තුව සිටියහ.

විශේෂයෙන්ම සමගි ජනබලවේගය මේ සඳහා ලොකු වෙහෙසක් ගත්තේය. සමගි ජනබලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මේ වෙනුවෙන් සියලූ ලිඛිත යෝජනා රජයට හා ජනාධිපතිවරයාට නිසි පරිදි ඉදිරිපත් කර සිටි අතර, ඊට අමතරව රජයේ ප‍්‍රධානීන්ට කතා කර මේ ගැන අවධානය යොමු කරන්නට යැයි කියන්නට ද සජිත් පියවර ගත්තේය.

මේ පිළිබඳ සජිත් ජනාධිපතිවරයාට යෝජනා ඉදිරිපත් කර සිටි මොහොතේ එක්සත් ජාතික පක්‍ෂයේ දේශපාලනඥයෙක් කීවේ ‘සජිත් ජනාධිපතිගෙන් එම සමාව ඉල්ලා සිටි විට දෙන්න සිටි සමාව පවා රන්ජන්ට අහිමි වී යා හැකි බවය. සජිත්ගේ වත්මන් කි‍්‍රයාකාරිත්වය හමුවේ ජනාධිපතිවරයා සජිත් ගැන ඒ තරමටම කලකිරී සිටින බව පෙන්වා දුන් ඔහු කීවේ ඕනනම් මේ වෙලාවේ රනිල් ජනාධිපතිගෙන් රන්ජන්ට සමාව ඉල්ලා සිටියේ නම් ගෝඨාභය ජනාධිපති රනිල් වෙනුවෙන් එය ලබාදීමට ඉඩ යම් තරමකට තිබූ බවය.

සේවක අර්ථසාධක අරමුදලේ හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ මුදල්වලින් රජය බදු අයකරන්නට හදනවාය කියා චෝදනාවක් පසුගිය සතියේ කරළියට ආවේය.

මේ කතාබහ කරළියට ගෙනාවේ සමගි ජනබලවේගයේ මන්තී‍්‍රවරු කිහිප දෙනෙකි.

සේවක අර්ථ සාධක අරමුදලේ හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ තියෙන්නේ මේ රටේ වැඩ කරන ජනතාවගේ මුදල්. ඒවා ජනතාව වැඩ කරලා උපයගත්ත පාරිතෝෂික මුදල්. ඒවායින් බදු අයකරන්න ආණ්ඩුව උත්සහ කරනවා නම් ඒක මහා අපරාධයක්. අපි මේ අපරාධය ගැන රටට කරුණු හෙළිදරව් කරන්න ඕන. සජිත් පේ‍්‍රමදාස කීවේය.

‘ඔයගොල්ලා මේ ගැන ටිකක් හොයලා බලන්න මේක සෙල්ලමක් නොවෙයි. මේ කරන්න යන වැඬේ ගැන තවම අපේ රටේ ජනතාව දන්නේ නැහැ. මේක ජනතාවට කොළේ වහලා ආණ්ඩුව කරන වැඩක්. සජිත්, හර්ෂ, කබීර්, එරාන් යන අයගේ අවධානය එම ප‍්‍රශ්නය කෙරෙහි යොමු කරමින් ඔවුන්ට ලොකු වගකීමක් භාර කළේ එසේය.

මේ ආණ්ඩුව පික්පොකට් ආණ්ඩුවක්. මුලින්ම ගොවියන්ට, ඊළඟට ගුරුවරුන්ට, ඊළඟට මේ රටේ පාරිභෝගිකයාට පික්පොකට් ගහලාත් බැරි තැන මේ ආණ්ඩුව දැන් අසරණ වැඩ කරන ජනතාවගේ පාරිතෝෂික අරමුදල්වලටත් ලැජ්ජ නැතුව පික්පොකට් ගහන්න හදනවා. කබීර් හෂීම් එහෙම කියද්දී…

‘අන්තිමේ මේ ආණ්ඩුව මේ මුළු රටටම පික්පොකට් ගහනවා. එරාන් කීවේය.

‘රජයක් කවදාවත් වැඩ කරන ජනතාවත් එක්ක සෙල්ලම් කරන්න හොඳ නෑ.’ හර්ෂ පෙන්වා දුන්නේය.

රට වෙනුවෙන් දාඩිය වගුරලා දුක් විඳින ජනතාවගේ තුට්ටු දෙකට පික් පොකට් ගහන ආණ්ඩුවකට සාප වෙනවා. දෙදහස් එකොළහේ සේවක අර්ථසාධක අරමුදලට පික්පොකට් ගහන්න ගිහිල්ලා රොෂේන් චානක කියන තරුණයා ගේ ජීවිතය බිලි වුණා. ඉරාන් අතීතය ද සිහිපත් කළේය.

සජිත් පසුගිය දින උදෑසන පාර්ලිමේන්තුවට පැමිණි මොහොතේම අන් අයගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු කරමින් කතා කළේය.

අපිනම් මේකට එරෙහිව පාරට බහිනවා…

‘‘මේ මංකොල්ලය ආපහු හරවනකං අපි සටන නතර කරන්නේ නැහැ” සජිත් කීවේය.

ඉන්පසු සමගි ජනබලවේගයේ මන්ත‍්‍රීවරු කතා බහ කරන්නට පටන් ගත්තේ අනුරාධපුර සල්ගාදු ක‍්‍රීඩාංගණයේ පැවති පොහොට්ටුවේ රැස්වීම් ගැනය.

මේගොල්ලන්ට ආණ්ඩු බලයක් තියාගෙන සල්ගාදු ක‍්‍රීඩාංගණය පුරවන්න සෙනඟ ගේන්න බැරිවුණා. දැන් එක එක්කෙනා එනවා බොරුවට කයිවාරු ගහන්න…

2015 ජනාධිපතිවරණ සටන මහින්ද ආරම්භ කළේ සල්ගාදු පිටියෙන්. පිටිය උතුරන්න සෙනඟ හිටියා. හැබැයි මහින්ද පරාදයි. මෙදා ආණ්ඩුබලය තියෙද්දි ජනාධිපති, අගමැති ඔක්කොම එකතුවෙලා සල්ගාදු පිටියේ රැස්වීම තිබ්බා. සම්පූර්ණම අසාර්ථකයි” නලින් බණ්ඩාර කීවේය.

‘‘ආණ්ඩුව එක්ක ගොවිජනතාව දැන් බින්දුවටම කලකිරිලා ඉන්නේ. අගමැති කතා කරද්දි එයාලගේ ප‍්‍රතිචාරය දකින්න හම්බුනානේ.”

ගයන්ත කරුණාතිලක කීවේ අගමැතිවරයාගේ කතාව අතරතුර ගොවි ජනතාව දැක්වූ විරෝධය සිහිපත් කරමිනි.

‘‘රැස්වීමේ ආරම්භයෙ ඉඳලා ඉවර වෙනකම්ම තිබ්බේ අසාර්ථකත්වය. ඒ රැස්වීම සාර්ථකයි කියලා පොහොට්ටුවේ අයවත් කියන්නේ නෑ. ඒ තරමටම අසාර්ථකයි. රැස්වීමෙදි කළේ විපක්ෂ නායකතුමාට මඩගහන එක විතරයි” අශෝක් අබේසිංහ කීවේය.

‘‘එන්නත් ටික ගෙනාවෙ විපක්ෂය කරදර කරපු හින්ද කියල අගමැතිතුමාම කිව්වා. බලපුවාම විපක්ෂ නායක තුමාට කරදර කරලා ගොඩක් දේවල් කරන්න පුළුවන්නේ” මනුෂ කීවේය.

‘‘ඒ කියන්නේ රටම එන්නත් කළා කියලා පුරසාරම් කිව්වට ආණ්ඩුව ඒක කරල තියෙන්නෙ විපක්ෂ නායකතුමා ගේන්න කියලා බලපෑම් කරපු හින්දා” මුජිබුර් සිනහසෙමින් කීවේය.

‘‘ජනාධිපතිතුමා කීවනේ බය නැත්තං මැතිවරණ වලට සූදානම් වෙන්න කියලා. අපි කියන්නේ බය නැත්නම් මැතිවරණ තියන්න කියලා” මරික්කාර් කීවේය.

‘‘අපි කොයි වෙලාවකවත් මැතිවරණ වලට බයක් නැහැ. අපි උත්තර දෙන්නේ සල්ගාදු පිටියම පුරවලා” මහ ලේකම් රංජිත් කීවේය.

ඒ අනුව නුදුරේදීම සල්ගාදු ක‍්‍රීඩාංගණය පිරෙන්නට සෙනඟ ගෙනවිත් සමගි ජන බලවේගය එහි මහජන රැලියක් පවත්වන්නට සූදානම් වීම් ගැන සජිත් ඇතුළු නායකයෝ කතාබහ කරන්නට වූහ.

  • පාසල් නොගිය නිසා
    පාර්ලිමේන්තු ඇවිත්
අනුරපුර රැස්වීමෙන් රටට ලබාදුන් මැතිවරණ පණිවිඩය

පසුගිය සතියේ දින 4ක්ම පාර්ලිමේන්තුව පැවැත්විණි. පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරු ගණනාවකටම කොවිඞ් ආසාදනය වී තිබීම හේතුවෙන් පැමිණීම මඳක් අඩු වුවත් සැලකිය යුතු මන්තී‍්‍රවරු පිරිසක් පාර්ලිමේන්තු පැමිණ සිටියහ.

මේ අතර ආණ්ඩු පක්‍ෂයේ පසු පෙළ මන්තී‍්‍ර කණ්ඩායමක් එක් වී ආලින්දයේ කතාබහ කරමින් සිටියහ. ඔවුන්ගේ මාතෘකාව වූයේ සල්ගාදු කී‍්‍රඩාංගණයේ පැවති පොහොට්ටුවේ රැස්වීම ගැනය.

පොහොට්ටුවේ රැස්වීමට පිට පළාත්වලින් සෙනග ගෙනාවාය කියලා ෆේස් බුක් යූ ටියුබ් භාවිතා කරගෙන විපක්‍ෂය ලොකු කැම්පේන් එකක් ගෙනියන්න හැදුවා. ඒත් පිටින් සෙනග ගෙන්වන්න තරම් අපි බංකොලොත් නැති විත්තිය එයාලා දන්නවා. ඒත් ජනතාවට එකක් කියන්න හදනවා. මන්තී‍්‍රවරයෙක් කීවේය.

ඒකය වැඬේ. මේක තනිකරම පොහොට්ටුවේ රැළියක්. මේකට සම්බන්ධ කරගන්නේ පොහොට්ටුවේ සංවිධායකයොයි ජනතාවයි වෘත්තීය සමිතියි විතරයි කියලා රටටම පැහැදිලි එකේ අර නලින් බණ්ඩාර මොනවද දුමින්ද දිසානායකට කිව්වේ.

‘‘ඇයි මොකක්ද කිව්වේ.’’

‘‘නැහැ. දුමින්දට කිව්වා තමුන්නාන්සේලාගේ රජය තමුන්නාන්සේටවත් නොකියා අනුරාධපුරේ රැස්වීම් තියනවා කියලා…’’

‘‘ඇයි අර විමල්ට උදයලාටත් ඔය ටිකම තැන තැන කියලා අවුස්සන්නනේ හැදුවේ. මේකට දුමින්දලා අදාළ නැහැ කියල දුමින්දලා කිව්වා නම් හරි. විමල්ලා නම් ඒකට නියම උත්තරය දීලා තිබුණා. මේක පක්‍ෂයේ රැස්වීමක් මිස සන්ධානයේ රැස්වීමක් නොවෙයිනේ.’’

‘‘නැහැ නැහැ… දුමින්දත් එවෙලේම නලින්ට කිව්වා’’ ඔබතුමා කලබල වෙන්න එපා. ඒක පොහොට්ටුවේ පක්‍ෂයේ රැස්වීමක්. අපිත් ශී‍්‍ර ලංකා එක හැටියට පක්‍ෂයේ ප‍්‍රවර්ධන කටයුතු කරනවා ඒකට බාධාවක් නැහැ. පොහොට්ටුවටත් ඒ අයිතිය තියනවා. මම ඒ අයගේ පක්‍ෂයේ ප‍්‍රවර්ධන කටයුතුවලට සුබ පතනවා කියලා..’’

අන්න හරි. දුමින්ද මොනව වුණත් තැනට හරියන විදියට කතා කරන්න දන්නවා. මන්තී‍්‍රවරයා කීවේය.

මේ අතර එතනින් යන්නට ආණ්ඩුවේ සිටින පරිණත ජ්‍යෙෂ්ඨ මන්තී‍්‍රවරයෙක් ආවේ බරට පොත්පත් ගොන්නක්ද අතට අරගෙනයි.

මොනවද අපේ හිටපු ඇමැතිතුමා මෙච්චර කරගහගෙන යන පොත් පත්… කටකාර මන්තී‍්‍රවරයෙක් ඇසීය.

මං ඉතින් කොහොමත් නීතිඥයානේ. ආණ්ඩුවේ වගකීම්වලින් මිදිල ඇමැතිකම් භාරදුන්නට පස්සේ මට දැන් උසාවි යන්න නිදහස තියනවා. මේ දවස්වල මට මිනීමැරුම් නඩුවකට කතා කරන්න තියනවා. ඒකට කරුණු අධ්‍යයනය කරන්න පොත්පත් ටිකක් බලනවා. කියමින් බර අඩි තබමින් ජ්‍යෙෂ්ඨ මන්තී‍්‍රතුමා පුස්තකාලය පැත්තට ගියේය.

ඒ දෙස බලා ටික වේලාවක් නිහඬව සිටි අර කටකාර මන්තී‍්‍රවරයා හරි අපූරු කතාවක් කීවේ එතන සිටි සියල්ලන්ටම බඩ අල්ලාගෙන හිනාවෙන්නට හොඳ මාතෘකාවක් සපයමිනි.

දන්නවද වැඩක් ඒ දවස්වල මමත් ඔහොමම තමයි.

ඒ කිව්වේ අනිත් අය ඇසීය.

මමත් ඒ දවස්වල ඉස්කෝලේ යනවා කියල තඩි පොත් මිටියක් අරගෙන ගෙදරින් යනවා. ගෙදරට කියනවා ඉස්කෝලේ යනවා කියලා. බම්බුව තමයි. මම ගිය ඉස්කෝලයක් නෑ.

ඔව්… ඔව්… තමුසේ එදා ඔය විදියට ඉස්කෝලේ යනව කියල ගෙදර රවට්ටලා කැලේ පැනපු නිසා තමයි අද මෙහේ ආවේ.

ඉතින් නරකක් උනායැ. කියමින් මන්තී‍්‍රවරයා හයියෙන් හිනාවී තවත් කතාවක් කීවේය.

ඇමැතිකමෙන් අස්වෙලා දවස් කීයද හරියටම ගත්තොත් දවස් 20ක් ඇති. උසාවියේ නඩු කියන්න එන මිනිස්සු ඒ දවස් විස්සටත් මෙයා ළඟට මිනී මැරුම් නඩු ගෙනල්ලා. ඕවා කිව්වට කමක් නෑ මෙන්න මෙයාලා වගේ පුත්තලං පැත්තේ ඉඳල ආපු අයට.

ඔහු එසේ කීවේ වයඹ පළාතේ සිට පැමිණි තවත් මන්තී‍්‍රවරයෙක් පෙන්වමිනි.

මේ අතර පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාව, පොදු ව්‍යාපාර කාරක සභාව, මුදල් කාරක සභාව, මහජන පෙත්සම් කාරක සභාව වැනි ආයතනවලට නියෝජිතයන් පත් කළ ආකාරය ගැන ද මන්තී‍්‍රවරු අතර කතා බහක් ඇති විය.

තිස්ස විතාරණලා අනුර පි‍්‍රයදර්ශන යාපලා ජගත් පුෂ්පකුමාරලා වගේ ජ්‍යෙෂ්ඨයන් ගැනත් හොඳ තක්සේරුවක් කරල තනතුරු දෙන්න තීරණයක් ගනිපුඑක ඉතාමත්ම හොඳ වැඩක්. තරුණ මන්තී‍්‍රවරු ඒ ගැන ප‍්‍රශංසා කරන්නට වූහ.

  • ආණ්ඩුව වෙනුවෙන්
    නාමල් රට වටේ…

පාසල් සියල්ලම පාහේ ඉකුත් දිනවල විවෘත වූ අතර, දිගින් දිගටම කල්දමමින් තිබුණු විභාගද මේ දිනවල පැවැත්වෙන්නේ සිසු මනසට අස්වැසිල්ලක් ගෙන එමිනි. මේ අතරතුර ආණ්ඩුව තම ඉදිරි සංවර්ධන වැඩසටහන් ගැන ජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින් පවත්වනු ලබන ජනරැළි මාලාවද ඉකුත්දා අනුරාධපුරයෙන් ආරම්භ කළේය. ඊට සමගාමීව තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ද රට වටා යාමට සැරසෙන්නේ අනෙකකට නොව ඉකුත් දෙවසරක කාල සීමාව ඇතුළත ආණ්ඩුව විසින් සිදුකරන ලද සංවර්ධන වැඩසටහන් පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමට ය.

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාට කවර හෝ වගකීමක් පැවරුණහොත් ඔහුට ජාතික තරුණ සේවා සභාව මෙන්ම එහි සභාපති දමිත වික‍්‍රමසිංහත් මතක් වන්නේ නිරායාසයෙනි.

‘‘දමිත…! කොවිඞ් වසංගතය මැද්දේ වුණත් මේ රටේ ප‍්‍රශ්න සෑහෙන ප‍්‍රමාණයක් විසඳන්න ආණ්ඩුව කටයුතු කරල තියෙනවා. අපි ඒ ගැන ජනතාව දැනුම්වත් කරන්න ඕනි. ගිය අවුරුදු දෙක ඇතුළත අපි කරපු වැඩසටහන් ගැන රට වටේ ඉන්න හැමෝම දැනුම්වත් කරන්න ඕනි. අපි මේ වෙනුවෙන් ‘hope for sri lanka’ කියල අධ්‍යාපන හා සෞන්දර්යාත්මක වැඩසටහන් මාලාවක් පවත්වන්න ඕනි. මේක රට පුරා සෑම දිස්ත‍්‍රික්කයක්ම ආවරණය වෙන විදියට තියන්න ලෑස්ති කළොත් තමා හොඳ. මේ වෙද්දිත් කැබිනට් ඇමැතිවරු වගේම රාජ්‍ය ඇමැතිවරු කිහිපදෙනකුත් කැමැත්ත ප‍්‍රකාශ කරලා තියෙනවා අපිත් එක්ක එකතුවෙලා වැඩකරන්න. වැඬේ ගැන හොඳට කල්පනා කරලා බලලා ලස්සනට කරන්න බලන්න.”

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා අදහස් කරගෙන සිටින ආකාරයට මෙම වැඩසටහන ලබන මස අගදී ගාල්ල දිස්ත‍්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිතය. පසුගිය වසර කිහිපය ඇතුළත තම අමාත්‍යාංශ විසින් අත්කරගත් ප‍්‍රගතිය පිළිබඳව රට දැනුම්වත් කිරීමේ අරමුණින් රාජ්‍ය මෙන්ම කැබිනට් ඇමැතිවරු කිහිපදෙනෙක්ද දැනටමත් මේ සමග අත්වැල් බැඳගෙන සිටිති.

  • නිලධාරීන් නීති ගේනවා
    දේශපාලනඥයා බැණුම් අහනවා

පසුගිය සතියේ ආණ්ඩුවේ මුදල් කාරක සභාවේ අලූත් රැස්වීමක් පැවැත් වුණේ එහි නව සභාපති අනුර පි‍්‍රයදර්ශන යාපා මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

මෙම කාරක සභාව හමුවට එදා කැඳවා තිබුණේ ග්ලයිෆොසෙට් නමැති වල් නාශකය භාවිතා කිරීම තහනම් කරමින් රජය ගත් තීන්දුව නැවත සමාලෝචනය කිරීමට අදාළව කැඳවන ලද නිලධාරීන් පිරිසකි.

මෙම තීන්දුව 2018 දී එවක සිටි ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේනගේ රජය විසින් ගනු ලැබුවත් රටේ මතු වූ විරෝධය හමුවේ එදා එය කි‍්‍රයාත්මක කළේ නැත. තීන්දුව වසර තුනකට අත්හිටුවමින් නියෝගයක් නිකුත් කළේ අධ්‍යයනයක් කර නිලධාරීන් කැඳවා කරුණු විමසා සාධාරණ පරීක්‍ෂණයක් කර සමාලෝචනයකින් පසුව එම තීන්දුව ගන්නා ලෙසය.

ඊට අදාළව පැමිණ සිටි නිලධාරීන්ගෙන් අනුර යාපා ප‍්‍රමුඛ කමිටුව කරුණු විමසනු ලැබූහ.

ඇයි ග්ලයිෆොසෙට් තහනම් කරන්න යෝජනා කළේ. මොකක්ද ඒ පිළිබඳ තිබෙන විධිමත් පරීක්‍ෂණය. මොකක් ද ග්ලයිෆොසෙට්වලින් තියෙන නරක පරිසර බලපෑම. කෝ ඒවාට එවිඩන්ස්.. කමිටුව කරුණු විමසනු ලැබීය.

එහෙත් ඊට පිළිතුරු දෙන්නට එකදු නිලධාරියෙක්වත් සමත් වූයේ නැත. ඒ තීන්දුව ඒ කාලෙ ගත්තා, මෙයා කිව්වා, අරයා අනුමත කළා. ආදී ලෙස වටේ පැහැදිලි කිරීම් කළා මිස ප‍්‍රශ්නයට අදාළව කිසිදු කරුණු දැක්වීමක් කළේම නැත.

ග්ලයිෆොසෙට් තහනම් කරන්න යෝජනා කරපු ගැසට් එකෙන් කියල තියනවා වසර 3 කට පසු කරන සමාලෝචනයේදී ග්ලයිෆොසෙට් වෙනුවට ගොවියාට ලබා දීමට නිසි විකල්පයක් යෝජනා කරන්න කියලා. කෝ අවුරුදු තුනකට පස්සේ මොකක්ද ගෙනාපු විකල්පය.

නිලධාරීන් සතුව කිසිදු විකල්පයක් නොවීය. මෙහිදී කමිටුවේ සිටි විවිධ පක්‍ෂවල මන්තී‍්‍රවරු මේ තත්ත්වය ගැන කණස්සල්ල පළ කරමින් කතා කළහ.

තමුන්නාන්සේලා සාධාරණ හේතු කිසිවක් පිළිගත හැකි කරුණු ලෙස ඉදිරිපත් නොකර එක එක රජයන්ට මේ වගේ යෝජනා ගේනවා. රජය ගැසට් ගහලා ඒවා කි‍්‍රයාත්මක කරනවා. අන්තිමේ නිලධාරීන් පැත්තක. රටේ ජනතාව බනින්නේ දේශපාලනඥයන්ට. ඔන්න ඕකයි තත්ත්වය. කමිටුව එසේ කියමින් නොසතුට පළකර සිටියහ.

මේ අතර එජාප නායක රනිල් වික‍්‍රමසිංහ පසුගිය සතිය පුරාම පාර්ලිමේන්තු පැමිණියේ ඔහු දැන් දේශපාලන කටයුතු කෙරෙහි අන් කවරදාකටත් වඩා උනන්දු වන නිසාය.

හිටපු අගමැති රනිල් පාර්ලිමේන්තු පැමිණ වැඩිපුරම ආශ‍්‍රය කළේත් වැඩිපුරම කල්ගත කළේත් ආණ්ඩු පක්‍ෂයේ තරුණ මන්තී‍්‍රවරු සමග වීම විශේෂත්වයක් විය. මෙය ආණ්ඩු පක්‍ෂයේ තරුණ මන්තී‍්‍රවරුන්ට ද හොඳ අත්දැකීමක් විය.

මේ අතර පසුගිය සිකුරාදා මංගල සමරවීරගේ ශෝක යෝජනාව පාර්ලිමේන්තුවට ගැනීමට න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති බව රනිල් දැන ගත්තේය.

රනිල් වහාම මංගල සමරවීරගේ සහෝදරියට කතාකොට මේ ශෝක යෝජනාවේදී කතා කරන්නට අවශ්‍ය කරුණු ඒකරාශි කරමින් අධ්‍යයනයක් කරන්නට පටන් ගත්තේය.

මේ අතරතුර එක දිනක් පාර්ලිමේන්තු ලොබියේදී කතාබහ කරමින් උන් ආණ්ඩු පක්‍ෂයේ තරුණ මන්තී‍්‍රවරු පිරිසකට රනිල් මැදි වුණේ අහම්බයෙනි.

කොහොමද ඔයගොල්ලන්ගේ අනුරාධපුර රැස්වීම රනිල් විමසා සිටියේය.

ඒක නම් සාර්ථකයි. මන්තී‍්‍රවරයෙක් කීය.

අපි ඇත්ත කතා කරන්න එපායැ. මට නම් ආරංචි වුණේ ඒක හිතපු තරම් සාර්ථක වුණේ නැහැ කියලයි. මාත් එක්ක ඔයාලයි පක්‍ෂයේ අයත් හුඟක් දෙනා කතා කරනවානේ.. රනිල් කීවේය.

මොකද ඔයාලා කියන්නේ. පළාත් සභා මැතිවරණය තියන්න ද ඔයාලයි නායකයෝ ලෑස්ති වෙන්නේ. ඔයාලා එකඟ ද ඒකට. රනිල් විමසා සිටියේය.

අපි ඒකට ලෑස්ති වෙනවා. ඒ වෙනුවෙන් වැඩ ලක්‍ෂයේ වැඩසටහන ගම් මට්ටමට අරන් ගිහිල්ලා ජනතාවගේ අඩුපාඩු හොයා බලලා ඒවා සම්පූර්ණ කරනවා. ඒක නරක නැහැනේ. තරුණයෙක් කීවේය.

ඔයාලා කරන්නේ ආණ්ඩුව ආරක්‍ෂා කරන්න නම් රජයේ විනිවිදභාවය ආරක්‍ෂා කරන්න ඕන. ඒක රටට පෙන්නන්න ඕන. ඒ වෙනුවෙන් සටන් කරන්න.

උදාහරණයක් හැටියට පුළුවන් ඕන්නම් රටේ ඉතිරිවෙලා තියන ඩොලර් සංචිත කීයද කියල රටට නිවැරැදි හෙළිදරව්වක් කරන්න කියල පසුපෙළින් බලපෑමක් කරන්න.

  • අනුරාධපුරේ කතාවට
    එජාපයේ විවේචනය

ඉකුත් බ‍්‍රහස්පතින්දා නායකයා ඇතුළු පක්ෂ නිලධාරීන් හා ක‍්‍රියාකාරීන් රටේ දේශපාලන හා අනාගත කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කළේය. මුලින්ම සැමගේ අවධානය යොමු වූවේ අනුරාධපුර පැවැති රැලිය සම්බන්ධයෙනි.

”අගමැතිතුමා කතා කරද්දී කට්ටිය පොහොර ඉල්ලූවා. හැබැයි ජනාධිපතිතුමා නම් කිව්වේ පොහොර ඇතුව හරි නැතුව හරි ගොවියගේ ආදායම 100% ක් වැඩි කරනවා කියලායි.” රුවන් විජයවර්ධන සාකච්ඡාව ආරම්භ කළේ එලෙසිනි.

”රටේ ජනාධිපති කෙනෙක් කියන්නේ කව්ද කියලා හරියට තේරුම් ගන්නේ නැතුව වැඩ කළාම ජනතාව ඉදිරියේ උපහාසයට ලක්වෙනවා. නිදහස් දවසේ කළ කතාවට කව්රුත් මුකුත් කිව්වේ නෑ. එහි වටිනාකම තියා ගන්න තිබුණා. නමුත් අනුරධපුරයේ ගිහින් කරපු කතාවෙන් නිදහස් දවසේ කතාවත් යට ගියා.” වජිර කීවේ සැවොම හිස සලද්දීය.

”සුමන්තිරන් ආණ්ඩු පක්ෂයටයි විපක්ෂයටයි රටේ ආර්ථිකය ගැන කතා කරන්න කැඳවපු රැස්වීම ගැන නොයෙක් දෙනා නොයෙක් ප‍්‍රචාර යවලා තිබුණා.” රංගේ ද අලූත් කරුණක් මතු කළේය.

”සුමන්තිරන් මට පෞද්ගලිකව කතා කරලා එන්න කියපු නිසා මාත් එතනට ගියා. හැබැයි ආණ්ඩුවේ නම් කව්රුත් ආවේ නෑ. රාවුෆ්, රිෂාඞ් දෙන්නත් සුමන්තිරන් නිසා ඇවිල්ලා තිබුණා. ස.ජ.බ කණ්ඩායමකුත් ඇවිත් හිටියා. මම පැයක් විතර ඉඳලා තේ එකක් බීලා ආවා. වෙන දෙයක් නම් වුණේ නෑ.” නායකයා පිරිසට පිළිතුරු සැපයීය.

”යුරෝපා සංගමයත් පසුගිය දිනක ලංකාව දමා තිබෙන භාණ්ඩ තහනම ගැන සාකච්ඡා කරලා තිබුණා. මේ තහනම නිසා අපට ජී.එස්.පී ප්ලස් සහනය ගැනත් අවදානමක් මතු වෙනවා.” සංදිත් ද කරුණු ගෙන හැර දැක්වූවේ එලෙසිනි.

”සියලූ දෙනාම තරහ කර ගෙන යන වැඩපිළිවෙළක තමයි ආණ්ඩුව ඉන්නේ. ඩොලර් සංචිත වගේම රන් සංචිතත් අඩු වෙලා.” නියෝජ්‍ය නායකයා ඊට ප‍්‍රතිචාර දැක්වූවේ එලෙසිනි.

නායකයා පාර්ලිමේන්තු යෑමට පිටත්ව යද්දී සෙසු පිරිස ද තමන්ගේ රාජකාරීන් වෙනුවෙන් නායකයාගේ පස්වෙනි පටුමගේ පිහිටි නිවසින් පිටත්ව ගියහ.

නියෝජ්‍ය නායක රුවන්ට ඉකුත් අඟහරුවාදා සවස ගෝල්ෆේස් හෝටලයේදී පොදුරාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සංගමයේ ව්‍යාපාරික කමිටුවේ මන්ත‍්‍රී ලෝර්ඞ් මාලන් හමුවූවේ ඔහු කළ ආරාධනාවකට අනුවය. විපක්ෂයේ කටයුතු සම්බන්ධයෙන් ලෝර්ඞ් මාලන් විමසා සිටියේය.

”ආණ්ඩුවට එරෙහිව පුළුල් බලවේගයක් ගොඩනගන්න අපි කටයුතු කරමින් සිටිනවා. අපේ නායකයා ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු කරනවා. මේ ආර්ථික ප‍්‍රශ්නවලට විසඳුම් දෙන්න පුළුවන් අපේ නායකයාට පමණයි.” රුවන් කීවේය.

”රටේ දැන් තිබෙන ආර්ථික ප‍්‍රශ්නය විසඳන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට පමණයි කියන කාරණය අපිත් විශ්වාස කරනවා. කොහොම වුණත් ලංකාවේ ආර්ථිකය යළි ශක්තිමත් වෙන්න නම් තවත් අවුරුදු 10 ක් විතර යයි කියලා තමයි අපි විශ්වාස කරන්නේ.” ලෝර්ඞ් මාලන් කීවේ රුවන්ගේ කතාව අනුමත කරමිනි.

රටේ පවතින දේශපාලන තත්ත්වය ගැන දෙදෙනා පැය කිහිපයක් කතා කිරීමෙන් පසු සාකච්ඡාව අවසන් වූවේ රාත‍්‍රී භෝජන සංග‍්‍රහය ද ගැනීමෙන් අනතුරුවය.

  • දිනේෂ්ගේ පක්‍ෂයත්
    වැඩ පටන් අරන්

මහජන එක්සත් පෙරමුණේ මධ්‍යම කාරක සභාව පසුගිය අඟහරුවාදා (2022.02.08) පස්වරුවේ පක්ෂ මූලස්ථානයේදී රැස්වූයේ, පක්ෂ නායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙනි. පැය ගණනාවක් තිස්සේ පැවති එම රැස්වීමේදී පළමුව සාකච්ඡා වූයේ පක්ෂයේ දේශපාලන කටයුතු පිළිබඳවය.

‘‘කොවිඞ් නිසා, කල් දාපු අපේ තරුණ සංවිධානයේ නියෝජිත සමුළුව, අපි ඉක්මනින් පවත්වන්න ඕනෙ.”

පක්ෂ නියෝජ්‍ය ලේකම් පා.ම. යදාමිණි ගුණවර්ධන කියා සිටියේය.

ඒ ගැන විවිධ අදහස් පළ වූ අතර, අවසානයේ ම.එ.පෙ. නායක දිනේෂ් පැවසුවේ…. ‘‘එහෙනම් අපි තරුණ සංවිධානයේ නියෝජිත සම්මේලනය මේ මාසයේදී ම පවත්වමු..” කියාය.

අනතුරුව වගකීම් බෙදාදුන් අතර, ඊළඟ මාතෘකාව වූයේ, වර්තමානයේ රටේ පවතින තත්ත්වයයි.

‘‘දේශපාලන තත්ත්වය වගේම ජනතාවගෙ තත්ත්වයත් අපි සැලකිල්ලට ගන්න ඕනෙ”

ම.එ.පෙ. උප සභාපති, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, කියා සිටියේය.

ම.එ.පෙ. නායක දිනේෂ් එහිදී පවතින දේශපාලන වාතාවරණය, අතීත දේශපාලන සිද්ධීන්ද මතක් කර, සිය අත්දැකීම්ද උපයෝගී කරගෙන පැති කිහිපයකින් පැහැදිලි කළේය. අනතුරුව එම සාකච්ඡාව දීර්ඝව ඇදීගිය, අතර එය අවසන් වනවිට රාත‍්‍රියද එළඹ තිබිණි.

බුලිත ප‍්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment