අනුරාධපුරය දේවාලයක් කරගෙන යන ඥානක්කාට රාජ්‍ය ආරක්ෂාව ඇයි?

1621

පොලිසිය පිරිස වළකාලයි

ඥානක්කාගේ  නිවෙස බලා ගිය ජන විරෝධයට එක්වූ හිරුණිකා අසයි

අනුරාධපුරය දේවාලයක් කරගෙන යන ඥානක්කාට රාජ්‍ය ආරක්ෂාව ඇයි?

සමගි ජන බලවේගයේ වනිතා බලවේගයේ ජාතික සංවිධායීකා හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය ඇතුළු කාන්තාවන් පිරිසක් පෙරේදා (02දා) දහවල් ප‍්‍රකට ජ්‍යෝතිර්වේදිනියක වන අනුරාධපුරේ ඥානා අක්කා නොහොත් ඩබ්ලිව්. ඥානවති නමැත්තියගේ ජ්‍යෝතිෂ කටයුතු සිදු කරනු ලබන අනුරාධපුර නාගසේන මාවතේ ඉසුරුපුර ප‍්‍රදේශයේ පිහිටි දේවාලය වැටලීමට ගිය අවස්ථාවේ පොලිසිය මාර්ග බාධක යොදා ස්ථාන කීපයකින් මග හරස්කොට ඔවුන්ගේ ගමන වැළැක්වීමට උත්සාහ කිරීම හේතුවෙන් එම ප‍්‍රදේශය දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

අනුරාධපුරය දේවාලයක් කරගෙන යන ඥානක්කාට රාජ්‍ය ආරක්ෂාව ඇයි?

සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායිකා හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍රනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර එම බලවේගයේ අනුරාධපුර  නැගෙනහිර ආසනයේ ප‍්‍රධාන සංවිධායිකා හිටපු ළමා හා කාන්තා කටයුතු ඇමතිනී චන්ද්‍රාණි බණ්ඩාර යන මහත්මීන් ඇතුළු කාන්තාවන් තුන්සියකට අධික පිරිසක් මෙම විරෝධතා පා ගමනට සහ දේවාලය වැටලීමට යෑමට එක් වුහ.

අනුරාධපුරය දේවාලයක් කරගෙන යන ඥානක්කාට රාජ්‍ය ආරක්ෂාව ඇයි?

ජිවන වියදම ඉහළයෑම පාලනය කරන ලෙසට සහ ඉන්ධන ගෑස් කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මෙන්ම විදුලිය කප්පාදුවකින් තොරව ලබාදෙන ලෙසට රජයට බල කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් මව්වරුන්ගේ අරගලය නමින් මෙම විරෝධතාව සංවිධානය කොට තිබිණි.

අනුරාධපුර මහාමාන්‍ය ඞී.එස්.සේනානායක වටරවුම අසලට පෙරේදා (02දා* පෙරවරු 10.00 ට පමණ එක්වූ සමගි ජන බලවේගයේ කාන්තාවන් පිරිස එම ස්ථානයේ සිට මීටර් පන්සියයක් පමණ දුරින් පිහිටි අනුරාධපුර නව බස් නැවතුම්පළ ඉදිරිපිටට පා ගමනින් ගොස් එහිදී ඉහළ යන භාණ්ඩ මිල පහත හෙළන ලෙසට සහ ගෑස් ඉන්ධන සහ කිරිපිටි හ`ිගයකින් තොරව මෙන්ම විදුලිය කප්පාදුවකින් තොරව ලබා දෙන ලෙසට බලකර සිටිමින් උද්ඝෝෂණයක් පැවැත්වීමට මුලින් තීරණය කොට තිබූ අතර එහිදී එම උද්ඝෝෂණයට එක්වූ සංවිධායකවරියන් විසින් ක්ෂණිකව ගත් තීරණයක් මත ඥානා අක්කා නමැති කාන්තාවගේ දේවාලය වැටලීමට ඔවුන් ඉන් පිටත් වුහ.

ඒ අනුව විරෝධතාවයට එක්වූ කාන්තාවන් පිරිස අනුරාධපුර බණ්ඩාරනායක සහ ආචාර්ය කේ.බි.රත්නායක මාවත ඔස්සේ දේවාලය පිහිටි ඉසුරුපුර ප‍්‍රදේශයට පා

ගමනින් ගමන් කරමින් සිටියදී ඔවුන් ගමන්ගත් මාර්ගයේ ස්ථාන හතරකදී සියයකට අධික පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කණ්ඩායමක් මාර්ග බාධක යොදා පා ගමන වැළැක්වීමට දැඩි වෙහෙසක් ගත්තද එම බාධක මැඩ ගනිමින් විරෝධතාකරුවන් ඥානා අක්කා නමැති කාන්තාවගේ දේවාලය ආසන්නයට ළ`ගා වෙත්ම පොලිසිය කැරළි මර්දන කණ්ඩායම් කැඳවා බස් රථයක් හරස්කොට මාර්ගය ස්ථාන තුනකින් අවහිර කරමින් දේවාලය සහ එම ප‍්‍රදේශය අවට ආරක්ෂාව තර කිරීමට පියවර ගත්හ.

පොලිසිය එම පියවර ගැනීමත් සම`ග හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය ඇතුළු කාන්තාවන් පිරිස එම ස්ථානයෙන් ඔබ්බට දේවාලය දෙසට  ගමන් කිරීමට දැරූ උත්සාහය ව්‍යර්තවීම හේතුවෙන් එහි මද වේලාවක් රැුඳී සිට පැමිණ සිටි ජනතාව අමතා රටේ පාලකයන් ඥානා අක්කා නමැති කාන්තාවගේ ශාස්ත‍්‍ර අසා රට පාලනය කරන තැනට පත්ව ඇති බවත් ඒ සම්බන්ධයෙන් රටේ නායකන් ලැජ්ජාවට පත් විය යුතු බවත් රට මෙතරම්  අගාධයට ලක්වීමට එයද හේතුවී ඇති බවත් පවසමින් විරෝධතාවය අවසන් කොට ඉන් පිටව ගියහ.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු, මිහින්තලේ රංග චතු

advertistmentadvertistment
advertistmentadvertistment