අනුරාධපුර ගණිකා නිවාසයක් වටලයි – ආදිවාසී තරුණියක ඇතුළු 4ක් දැලේ

1962

අවුරුදු සමයට අනුරාධපුරට පැමිණෙන සංචාරකයන් ඉලක්ක කර ගනිමින් පවත්වා ගෙන ගිය ගණිකා නිවාසයක් වටලා ආදිවාසී තරුණියක ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර, ශ්‍රාවස්තිපුර, නිදන්ගල ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය ලැගුම්හලක සිටි කාන්තාවන් දෙදෙනකු සහ පිරිමි පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය කියයි.

මෙහි සිටි කාන්තාවන් කිහිපදෙනකුට නිවාඩු ලබාදී ඇති බවත්, අත්අඩංගුවට ගත් එක් කාන්තාවක රත්මලාන ප්‍රදේශයේ 26 හැවිරිදි තරුණියක වන බවත් පොලිසිය කියයි. අනෙක් කාන්තාව මහියංගණය දඹාන නිදන්ගල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි ආදිවාසී තරුණියක බවත් පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර පිරිමි සැකකරුවන් දෙදෙනකු සිටින බවත් ඉන් එක් අයකු ලැගුම්හලේ සේවයේ නිරතව සිටි අයකු බවත් අනෙක් පුද්ගලයා මෙම ලැගුම්හල පවත්වා ගෙන ගිය පුද්ගලයා බවත් පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු මීට පෙරත් කාන්තාවන් ගණිකා වෘත්තියේ යොදවා පොලිස් අත්අඩංගුවට ගත් අයකු බවත්, ඔහු අනුරාධපුර මාතලේ හන්දිය, කුරුන්දන්කුලම සුසාන භූමිය අසල කොන්ක්‍රීට් වැඩපළක් පවත්වා ගෙන යන අයකු බවත් පොලිසිය කියයි.

උතුරුමැද පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති කිත්සිරි ජයලත් මහතාට ජනතාවගෙන් ලැබුණු පැමිණිලිවලට අනුව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර විජේකෝන් මහතා, කාන්තා උප පො. ප. ප්‍රියදර්ශනී, පො. සැ. බණ්ඩාර (48317), පො. සැ. නිශාන් (61406), පො. කො. ඉන්දික (48346), තරිඳු (78621), රාජරත්න (66934), යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.

මිහින්තලේ – රංග චතූ
 

advertistmentadvertistment
advertistmentadvertistment