අනුරාධපුර ගබඩා 60ක වී කිලෝ ලක්ෂ 20ක් සීල්

118

අනුරාධපුර පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් ස`ගවා ගෙන තිබෙන වී ගබඩා දිගින් දිගටම වැටලීමත් සමග ඇතැම් වී ගබඩාකරුවන් එම වී ස්වකැමැත්තෙන් වී අලෙවි මණ්ඩලයට ලබාදීමට පියවර ගනිමින් සිටිති.

මේ දක්වා අනුරාධපුර පාරිභෝගික සේවා අධිකාරිය විසින් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වී ගබඩා හැටක් සිය භාරයට ගෙන මුද්‍රා තබා ඇත. එම ගබඩාවල ඇති වී කිලෝ ලක්ෂ විස්සක් අතුරින් මේ වන විට වී කිලෝ ලක්ෂ හයක් වී අලෙවි මණ්ඩලයට ලබා දීමටද පියවර ගෙන තිබේ.

අනුරාධපුර දිස්ත‍්‍රික්කය තුළ මෙම වැටලීම් අනුරාධපුර දිස්ත‍්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ ජේ්‍යෂ්ඨ විමර්ශන නිලධාරි බී.ඒ.සී. පෙරේරා මහතාගේ ප‍්‍රධානත්වයෙන් අඛණ්ඩව සිදු කරමින් පවති..

advertistmentadvertistment
advertistmentadvertistment