අනුරාධපුර ජනාධිපති නිල නිවසේ 2000 කට පාටි දානඑක හරිද – හර්ෂණ රාජකරුණා

573

සමගි ජනබලවේගයේ මන්ත‍්‍රී මනෝ ගනේෂන් මහතා කොවිඞ් ආසාදිත වී ඇති බැවින් එම පක්‍ෂයේ සියලූ මන්ත‍්‍රීවරුන් පී.සී.ආර්. පරීක්‍ෂණවලට ලක්කරන්නැයි සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19 දා) ඉල්ලීමක් කළේය.

සභාවේ සිටින විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් බොහෝදෙනකු මුව ආවරණ නොපළඳින බවත්, මනෝ ගනේෂන් මන්ත‍්‍රීවරයා ද කොවිඞ් ආසාදිත වූ බවත් හෙතෙම එහිදී කීය.

හර්ෂණ රාජකරුණා මහතා –

ඊයේ රාත‍්‍රියේ අනුරාධපුර ජනාධිපති නිල නිවසේ උපන්දින සාදයක් පවත්වලා තිබෙනවා දෙදහසක පමණ පිරිසකගේ සහභාගිත්වයකින්. අද දවල් තිබෙනවා තවත් දෙදහසකට වඩා පිරිසකට දිවා ආහාර සංග‍්‍රහයක්. ඒ අයට සාද පවත්වන්න පුළුවන්. එක රටක් එක නීතියක් කියන්නේ මේකටද?

ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා –

මම කලබල වෙන්න දෙයක් නොවෙයි කිව්වේ. දැනුම්දීමකුත් තිබෙනවා මුව ආවරණ පළඳින්න කියලා. නමුත් මේ අය එහෙම කරන්නේ නෑ. ඒ නිසා අපේ ආරක්‍ෂාව වෙනුවෙන් මේ අයගේ පී.සී.ආර්. කරන්න කියලා ඉල්ලනවා.

මුජිබර් රහුමාන් මහතා –

උද්ඝෝෂණවලට කොවිඞ් එනවා කියනවා. පාටිවලට එන්නේ නැද්ද?

නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා –

සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අපි ක‍්‍රියාත්මක කරනවා නම් ඒක ජනතාවටත් කරන ආදර්ශයක්.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment