අනුරාධපුර බීජ ගබඩාවක සඟවාගෙන සිටි ලාෆ් ගෑස් සිලින්ඩර් 528 ක් අල්ලයි

153

මහජනතාවට අලෙවි නොකර අනුරාධපුර පුල්ලෙයාර් හන්දිය අසල බීජ ගබඩාවක සඟවා තිබූ ලාෆ් ගෑස් සිලින්ඩර් 528 ක් පාරිභෝගික අධිකාරියේ අනුරාධපුර ශාඛාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (12 දා) සොයාගෙන තිබේ.

බීජ මධ්‍යස්ථානයක මෙම ගෑස් තොගය සඟවා තිබියදී අනුරාධපුර කාර්යාලයට ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සාම්පල් තබාගෙන ඉතිරි ගෑස් සිලින්ඩර් නියමිත මිලට අලෙවි කිරීම පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සිදුකර ඇත.

පාරිභෝගික අධිකාරියේ අනුරාධපුර ස්ථාන භාර නිලධාරි ඩී. ඒ. සී. පී. පෙරේරා මහතාගේ උපදෙස් මත විමර්ශන නිලධාරී ඒ. එම්. එස්. අබේසිංහ, විමර්ශන නිලධාරිනියන් වන ඩබ්ලිව්. එම්. පී. කේ. විජයපාල, ඩබ්ලිව්. ටී. එච්. චතුරානි යන කණ්ඩායම විසින් වැටලීම සිදුකර තිබේ.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment