අනුරාධපුර – වවුනියා දුම්රිය පාර බිම් මට්ටමට වඩා ඉහළින් තැනීමෙන් අපේ ගම්මානවලට යන්න එන්න බෑ – ගම් හතරක වැසියෝ විරෝධතාවක

100

උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේදී වවුනියාව – අනුරාධපුර කොටසේ ස්ථාන හතරක් සම්බන්ධයෙන් මහජන විරෝධතාවක් එල්ල වී තිබේ.එම පළාත්වල ජනතාව එක්ව අලුතින් තනන දුම්රිය මර්ගයේ වාඩි වී විරෝධතාවයක නිරත වූහ.

විරෝධතාකරුවන් කියා සිටින්නේ දුම්රිය මාර්ගය තැනීමේදී ඔවුන්ගේ ගම්මානවලට මෙතෙක් ගිය මාර්ග සියල්ලක්ම දුම්රිය මාර්ගයට හරස් වීම නිසා යළි එම මාර්ග ප්‍රයෝජනයට ගැනීමට නොහැකි බවයි. එම මාර්ගයන්ට වඩා ඉහළින් දුම්රිය මාර්ගය තැනීම නිසා කිසිදු වාහනයකින් තම ගම්මානවලට යා නොහැකි බව පෙන්වා දෙන ගම්වාසීන් ඔවුන්ට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් යෝජනා කොට ඇති විකල්ප මාර්ගවලින් ගම්මානවලට යෑමට කිලෝමීටර් 7 ක් හෝ 10 ක් අමතරව ගමන් කිරීමට සිදුව ඇති බවයි. මේ නිසා තමන්ට සුපුරුදු මාර්ගවල ගමන් කිරීමට හැකිවන පරිදි දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කරගෙන යන ලෙස වවුනියාවේ අලුතින් තනන දුම්රිය මාර්ගය නිසා මාර්ග ගැටලු ඇති වී තිබෙන විජයබාහුගම, මදවයිත්තකුලම්, කට්කුලි හා පුලියන්කුලම් යන ගම්මාන හතරක වැසියෝ ඉල්ලා සිටිති.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment