අනුර කුමාරට බිත්තර ගැසූ දෙදෙනා පැන යති

1756

පසුගිය 30 වැනිදා පැවැති ජාතික ජන බලවේගයෙ දිස්ත‍්‍රික් සමුළුවට බිත්තර සහ ගල් ප‍්‍රහාර එල්ල කළ දෙදෙනකු පක්ෂයේ ආධාරකරුවන් එක්වී නිට්ටඹුව පොලීසියට බාර බාර දුන් දෙදෙනා මේ වන විට අතුරුදහන් වී ඇති බව වාර්තා වේ .
පසුගිය තිස් වෙනිදා නිට්ටඹුව පොලිසියට භාරදුන් මෙම පුද්ගලයින් දෙදෙනා ප‍්‍රතිකාර සඳහා පොලිසිය විසින් වතුපිටිවල දිස්ත‍්‍රික් මූලික රෝහලට ඇතුළත් කර තිබිණ. පොලිස් ආරක්ෂාව යටතේ සිටි මේ දෙදෙනා 01දා පස්වරුවේ සුවවීමෙන් පසුව රෝහලෙන් බැහැර කර ඇත.
රෝහලෙන් බැහැර කළද මෙම දෙදෙනා මේ වන විට පොලිස් භාරයේ නොමැතිබව වාර්තා වේ .
සැකකරුවන් පිළිබඳව පසුගිය්ස් 31 වැනිදා අත්තනගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත් මේ වන විට පැය 72 දෙකකට වඩා වැඩි කාලයක් ගතවී ඇතට්ජ් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට හෝ ඇප ලබාදීමට මේ වන විට නිට්ටඹුව පොලිසිය අපොහොසත් වී ඇති බව වාර්තා වේ .

advertistmentadvertistment
advertistmentadvertistment