අනුර කුමාරට බිත්තර සහ  ගල් ගසා ඇල්ලූ දෙදෙනා අතුරුදන්

399

* අධිකරණයට ඉදිරිපත් කිරීමටවත් පොලිසියට බැරිවෙලා

පසුගිය 30 වැනිදා ජාතික ජන බලවේගය දිස්ත‍්‍රික් සමුළුවට බිත්තර සහ ගල් ප‍්‍රහාර එල්ල කළ දෙදෙනකු පක්‍ෂයේ ආධාරකරුවන් එක්වී නිට්ටඹුව පොලිසියට බාර දුන් අතර ඒ දෙදෙනා මේ වනවිට අතුරුදන්වී ඇති බව වාර්තා වේ.

පසුගිය 30 දා නිට්ටඹුව පොලිසියට භාරදුන් මෙම පුද්ගලයන් දෙදෙනා ප‍්‍රතිකාර ස`දහා පොලිසිය විසින් වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර තිබිණ. පොලිස් ආරක්‍ෂාව යටතේ සිටි මේ දෙදෙනා පෙරේදා (01දා) පස්වරුවේ සුවවීමෙන් පසුව රෝහලෙන් බැහැර කර ඇති අතර ඔවුන් මේ වන විට පොලිස් භාරයේ නොමැති බව වාර්තා වේ.

සැකකරුවන් පිළිබ`දව පසුගිය 31 වැනිදා අත්තනගල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත් මේ වනවිට පැය 72 කට වඩා වැඩි කාලයක් ගතවී ඇතත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට හෝ ඇප ලබාදීමට මේ වන විට නිට්ටඹුව පොලිසිය අපොහොසත් වී ඇති බවත් වාර්තා වේ.

අප මේ සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක කේ. ඕ. අයි. අබේරත්න මහතාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු ප‍්‍රකාශ කර සිටියේ සැකකරුවන් වැඩිදුර ප‍්‍රතිකාර ස`දහා වෙනත් රෝහලකට මාරුකර යවා ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට මේ වනවිටත් පැමිණිල්ලක් ලැබී නොමැති බවත්ය.

අප මේ සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී හේමාල් මෙන්ඩිස් මහතාගෙන් විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ සිද්ධිය වූ දිනයේදීම නිට්ටඹුව පොලිසියේ පැමිණිල්ලක් සිදුකර ඇති බවයි.

කල්එළිය – චන්ද්‍රවීර වික‍්‍රමරත්න

advertistmentadvertistment
advertistmentadvertistment