අනූකුමාර් උරේෂාගෙන් සිංහල හින්දි ගීතයක්…

145

ගායනය මෙන්ම පද රචනය තනුව සංගීත නිර්මාණ කරමින් ගීත ගණනාවක් එළිදැක්වූ අනුකුමාර් අමරසිංහ හා උරේෂා රවිහාරි ප්‍රථම වරට ගයනා කරන ලද නවතම සිංහල හා හින්දි ගීත ද්විත්වයේ මියුසික් වීඩියෝව අද අන්තර්ජාලයට නිකුත් කරන ලදී. රන් තෝඩු නැත සැලුනේ නමැති මෙම ගීතයේ හින්දි ගීතය ඉන්දියාවේ ප්‍රචාරය කිරීමටද කටයුතු සලසමින් සිටී. අනූකුමාර් පද රචනය කොට තනුවද නිර්මාණය කර ඇති අතර මෙම මියුසික් වීඩියෝවේ තිර රචනය ද ඔහු අතින් නිර්මාණය වීම විශේෂත්වයකි.

සරත් ද අල්විස් සංගීතවත් කළ මෙම ගීතයේ පද රචනය සංජය රංගලාල් නිස්සංකගෙනි. මෙම ගීතය පළමුවෙන්ම ප්‍රදානය කරන ලද්දේ ශ්‍රී ලංකාවේ හින්දි ගීත ප්‍රසංග ගණනාවක් සංවිධානය කළ උපාලි රාජපක්ෂ මහතාටය. උරේෂා රවිහාරි සමග ගයනා කරන මෙහි සිංහල ගීතය අද (11 වැනිදා) අන්තර්ජාලයේ AK MUSIC LK Youtube චැනලය ඔස්සේ එළිදැක්වේ. එම ගීතයේ තනුව මෙන්ම පද රචනය ද අනූකුමාර් අමරසිංහ සතුය.

advertistmentadvertistment
advertistmentadvertistment