අනූෂ සමරනායකත් ඔස්ටේ‍්‍රලියාවට

497

ශ‍්‍රී ලංකාවේ වේගපන්දු පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ අනූෂ සමරනායක මහතා ඔස්ටේ‍්‍රලියාවේ මුල්ගේ‍්‍රව් ක‍්‍රිකට් සමාජයේ සහාය පුහුණුකරුවෙකු ලෙස පත්කර තිබේ.

ඒ අනුව ඉදිරි වසර දෙකක කාලයක් සඳහා සමරනායක මහතා එම ධුරයේ ගිවිසුම් අත්සන් කර ඇතැයි වාර්තා වේ. අනූෂ සමරනායක මහතා 2000 සිට 2015 වසර දක්වා වසර 15ක් ශ‍්‍රී ලංකා ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළේය. අනතුරුව 2016 වසරේදී එල්ල වූ තරග පාවාදීමේ චෝදනාවක් හේතුවෙන් මාස දෙකක් ක‍්‍රිකට් තහනම් කෙරුණු අතර පසුව ඔහු එම චෝදනාවලින් නිදහස් කෙරිණි.

කෙසේ වෙතත් මුල්ග්‍රෙව් ක‍්‍රීඩා සමාජයේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස ශ‍්‍රී ලංකාවේ හිටපු සුපිරි ක‍්‍රීඩක සනත් ජයසූරිය කටයුතු කරන අතර එම කණ්ඩායමේ නායකයා ලෙස ටී. එම්. ඩිල්ෂාන් කටයුතු කරනු ලබයි. එමෙන්ම ශ‍්‍රී ලංකා හිටපු ආරම්භක පිතිකරුවෙකු වන උපුල් තරංගද මුල්ගේ‍්‍රව් ක‍්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment