අනේ මාව මැරේවි… පපුව රිදෙනවා කියා දුව කෑ ගහල.. කෑ ගහල නිශ්ශබ්ද වුණා…. රෝහලේ සේවකයන් දරුවා රෝහලට ඇතුළත් කිරීම ප‍්‍රමාද කළා

1489

ඇතැම් සේවිකාවන් කොරෝනා රෝගයට ඇති බිය නිසා යම් යම් ප‍්‍රමාදයන් සිදු විය හැකියි…. ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී එච්. ඒ. එස්. කුඩලිගම

බුලත්සිංහල අතුර රජයේ රෝහලේ කොරෝනා භීතියෙන් තැති ගත් සේවිකාවන් නිසා අසරණ රෝගීන්ගේ මරණ සිදුවන බවට චෝදනා කරමින් 200 කට අධික පිරිසක් උද්ඝෝෂණය කළහ.

මිල්ල කන්ද වත්තේ පදිංචි 18 වියැති ආර්. දිල්රුක්ෂි නමැති තරුණියක මිය යෑම නිසා කම්පනයට පත්ව සිටි ඇයගේ

ඥාතීන් හා හිතවතුන් රෝහගේ මිදුලට රැස්ව මහ හඬින් විරෝධය (22) පළ කර තිබේ. තරුණියගේ මව වන එම්. පෝති (46) මහත්මිය මෙසේ කීවාය. ”අපේ දුවගේ ඇග මහතයි. ඒ වුනාට ඇය නැටුම්වලට දක්ෂයි. පාසලේදී නැටුම්වලට සම්මාන පවා ලැබිලා තියෙනවා. දුව මිල්ල කන්ද ද්‍රවිඩ (මාධ්‍ය) විද්‍යාලයේ 10 වසර දක්වා ඉගෙනුම ලැබුවා. දුව හදිසියේම ලෙඩ වෙලා පපුවේ සෙම් රෝගය මතු වෙලා රාගම රෝහලට අරන් ගිහින් සෙම රෝගයට ප‍්‍රතිකාර කළා. රාගම රෝහලේ දී තමයි රෝගය පරීක්ෂා කොට හදුනාගෙන තිබුනේ. ලෙඬේ පාලනය වුනාට පසුව අපේ දුව 2021. 07. 04 දින ලැයිමට ආවා. අපි දුප්පත් අසරණ කම්කරුවෝයි. අපිව ජීවත් කරවන්නට සිටිය දුව දැන් අකාලයේම අපිව අත් හැරලා යන්නට ගියා. 22 දින දුවගේ ලෙඬේ ආයිත් මතු වුණා. අපි දුව අතුර රෝහලට අරන් ගියා.

රෝහලේ සේවිකාවෝ කොරෝනා නිසා දුව භාර ගැනීමට ප‍්‍රමාද කළා. කොරෝනා බෝ කරලා අපිවත් ලෙඩ කරන්නද? හදන්නේ කියලා බැණ වැදුනා. මෙසේ පරක්කු වෙන කොට දුවගේ ලෙඩෙත් වැඩි වුණා. අනේ මගේ පපුව රිදෙනවා මාව මැරෙන්න යනවා අනේ මාව බේරා ගන්න කියලා දූ මහ හයියෙන් කෑ ගැසුවා. බැරිම තැන අපි දුව රෝහල ඇතුළට අරන් ගියා. එහිදී දුව මිය ගිහින් කියලා ඔවුන් කීවා.
මිය ගිය දිල්රුක්ෂිගේ පියා වන (43) මායන්ඩි රමේෂ් මහතා දුව අනේ මගේ පපුව රිදෙනවා කියලා කෑගහලා…. කෑගහලා… නතර වුනාට පසුව ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරයා කීවා දුව මැරිලා කියලා. අනේ අපේ දුව අපිට අහිමි වුණා. මෙම සිද්ධිය පිළිබ`දව අතුර රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී එච්. ඒ. එස්. කුඩලිගම මහතාගෙන් විමසුවෙමු. ”අපේ පැත්තෙන් අවශ්‍ය කටයුතු සිදු නොකළා නොවේ.

අපි රෝගියාව පරීක්ෂා කළා එතකොටත් ඇය මිය ගිහින්. අපේ ඇතැම් සේවිකාවන් කොරෝනා රෝගයට ඇති බිය නිසා යම් යම් ප‍්‍රමාදයන් සිදු විය හැකියි.

මහගම – කුමාර පාලින්දනුවර – නන්දන කෝට්ටේගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment