අනේ! මොන හිතකින්ද මගේ පුතාට මෙහෙම අපරාධයක් කළේ – මංගල ඡායාරූප ගන්න ඇදුම් ටිකත් මැදලයි පුතා යහළුවා එක්ක ඔය ගමන ගිහින් තියෙන්නේ

785

* මියගිය යෙහාන්ගේ මවගේ විලාප තබමින් හඩා වටෙයි

මගේ පුතාගෙ මංගල ඡායාරූප ගන්න යොදාගෙන තිබුණේ 12 දා උදේ. ඒකට ඕනෙ ඇ`දුම් මැදලා තියලා තමයි එයා යාළුවා එක්ක මේ ගමන ගියේ. ඒ යාළුවාම තමා පුතාගෙ බෙල්ල කපලා පිහියෙන් ඇනලා මරල තියෙන්නේ. අනේ! මොන හිතකින්ද මගේ පුතාව පිහියෙන් ඇන මැරුවේ…. යැයි විලාප තබමින් ඇය තම අෙ`දා්නාව වා තලයට මුදාහැරියාය. ඉකුත් 11 දා රාත‍්‍රි බියගම ගෝනවල පෙලෙන්ගහහේන මංසන්ධියේදී පිහියකින් ඇන ගෙල කපා ඝාතනය කළ මාකොල සිරිමංගල පාර ප‍්‍රදේශයේ පදිංචි යෙහාන් චානුක අල්විස් නමැති තරුණයාගේ මරණය පිළිබඳ ඔහුගේ මව වන ඇනා පින්නවල (53) මහත්මිය අප ඉදිරියේ සිය පුතුගේ වියෝව පිළිබඳ එසේ විලාප තැබුවාය. මගේ පුතාගේ විවාහය ලියාපදිංචි කරලා දවස් හතයි. ඉක්මනින්ම විවාහ උත්සවය අරන් මැදපෙරදිග රටක  රැකියාවකට යන්න අදහස් කරන් වීසා එනකන් එයා හිටියේ. පුතා බැන්ද දුව එක්ක සිරිමංගල පාරේ ගෙදර කුලියට තමයි පදිංචි වෙලා හිටියේ. 12දා උදේ පුතාගෙ වෙඩින් එකේ පොටෝ ෂූට් එකට යන්න යොදාගෙන තිබුනේ. 11 දා රැ 7. 30 ට විතර පුතාගේ රට ඉදලා ආපු ඔය යාළුවා සිරිමංගල පාරේ ගෙදරට ඇවිත් පුතාවත් දාගෙන මෝටර් සයිකලෙන් ගිහින් තියනවා. යාළුවා එක්ක ළගට යනවා ඉක්මනින් එනවා කියලා දුවට කියලා පුතා ගිහින් තියෙන්නේ . ගෝනවල පෙලෙන්ගහහේනෙදී පුතාගේ යාළුවා මගේ පුතාගෙ බෙල්ල කපලා 17 පොලකට පිහියෙන් ඇනලා මරලා දාලා. සහගහන අපරාධයක්. මේ දෙන්නම යාළුවෝ. මොන දේකට මෙහෙම අපරාධයක් කළාද යැයි ඇය වේදනා බරිතව කීවාය.

මරණයට පත් යෙහාන් චානුක කොළඹ නාලන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකු වන අතර ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ පුද්ගලික ආයතනයක තොරතුරැ තාක්ෂණය පිළිබඳව රැකියාවක් සිදුකර කොවිඞ් වසංගත නිසා නිවෙසේ කාලය ගත කළ බව චානුකගේ මව පවසයි .

මෙම ඝාතනය සමිබන්ධයෙන් අංගොඩ, බටලන්දහේන ප‍්‍රදේශයේ විසිහත් වියැති පුද්ගලයෙකු සපුගස්කන්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මාලිගාකන්ද මහෙස්ත‍්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මෙම මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ (13) රාගම මහ රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබුණි. සපුගස්කන්ද පොලීසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද කුලසේකර, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්. අමරසේකර, පොලිස් සැරයන් (12011) ජයවර්ධන, පොලිස් කොස්තාපල්වරුන් වන (71453) කුමාර ,(82436) ලක්මාල්, (78311) ජීවන්දර යන නිලධාරීන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

බියගම – සුදත් පුබුදු කීර්ති දෙල්ගොඩ -ඩබ්ලිව්. ඞී. එම්. විතාන

advertistmentadvertistment
advertistmentadvertistment