අනේ සර්… අපි කොහොමද පාසල් යන්නේ…! දරුවකුගේ වේදනාව…

330

සමහර ගුරුවරු දෙවියෝ වගේ සමහරු යමපල්ලෝ වගේ

පාසල් උපකරණ මිල මෙන්ම ප්‍රවාහන ගාස්තු ඉහළ යෑම නිසා දිනපතා පාසලට පැමිණීමට නොහැකිව දැඩි ලෙස අසරණ තත්ත්වයට පත්ව සිටින පාසල් ශිෂ්‍යයකු තම පාසලේ ගුරුවරයකුට ලියූ අතිශය සංවේදී ලියුම් කැබැල්ලක් මේ දිනවල සමාජ ජාලා, වෙබ් අඩවි ඔස්සේ සංසරණය වෙයි.

දිනපතා පාසලට පැමිණීමට නොහැකි වීම නිසා අපොස උසස් පෙළ සඳහා 80% සම්පූර්ණ කර ගැනීමට නොහැකි වීමෙන් බහුතරයක් දරුවෝ විශාල ගැටලුවකට මුහුණපා සිටිති.

එමෙන්ම ආර්ථික අපහසුතාවලින් පීඩා විඳින මෙම දරුවන් පාසලේදී ඇතැම් ගුරුවරුන් දැඩි මානසික මෙන්ම ශාරීරික හිංසනයන්ට ද ලක්වන බව වාර්තා වෙයි.

අපොස උසස් පෙළ පංතියක අධ්‍යාපනය ලබන මෙම ශිෂ්‍යයා ලියූ ලිපියේ මෙසේ සඳහන් වෙයි.

අනේ සර්….

ඉස්කෝලේ 80% කිය කියා පුදුම වදයක් එක දවසක් ගියේ නැත්නම් ලියුමක් ගෙනිහින් දෙන්න ඕනේ. ප්‍රින්සිපල් මට දවසකට ඉස්කෝලෙ යන්න එන්න රු. 400 ක් විතර ඕනෙ වෙනවා. හැමදේම 3න් ගුණයකින් 4 ගුණයකින් වැඩි වෙද්දී වැඩි වුණේ නැත්තේ අපේ තාත්තගේ පඩිය විතරයි.

මම දන්නෙ නැහැ සර් ඔළුවට මහ හිසරදයක්. ඉස්කෝලෙ උගන්වන්නෙත් නෑ. ස්පෝට්මීට්ලු. ඒවා පස්සේ දුවනවා. ගුරුවරු ඉන්නවා සමහරක් දෙව්වරු වගේ. ඒ වගේම තවත් අය යමපල්ලො වගේ.”

මේ පාසල් ශිෂ්‍යයා ලියූ ලිපිය අතිශය සංවේදීය. රටේ බහුතරයක් පාසල් දරුවෝ මේ වන විට දැඩි ආර්ථික පීඩාවන්ට ලක්ව සිටිති.

බහුතරයක් පාසල්වල හරිහැටි අධ්‍යාපනයක් දෙන්නේ නැත. බාහිර ක්‍රියාකාරකම්වලට බොහෝ පාසල් මුල්තැන දෙයි. එමෙන්ම බහුතරයක් පාසල්වල මුදල් අයකිරීම් ද නිමක් නැත.

දරුවන් පත්ව සිටින මේ දැඩි පීඩනය හමුවේ ඔවුන්ට හරිහමන් අධ්‍යාපනයක් ලබා ගැනීම ද අපහසුවේ. මේ ගැන බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment