අඳුර දුරු වෙන්න විදුලි පහන් දල්වන්න අවසර

331

ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයක් (දිවා) පැවැත්වෙන අතරතුර තරඟය පවත්වාගෙන යෑමට නොහැකි තරමට ක්‍රීඩාංගණයට මන්දාලෝකය පතිත වුවහොත් ක්‍රීඩාංගනයේ ඇති විදුලි පහන් දල්වා තරගය නියමිත පන්දු වාර සංඛ්‍යාව අවසන් වන තෙක් පවත්වාගෙන යෑමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නව නීති සම්පාදනය කර ඇත.

ලබන 7 වැනිදා ඉන්දියාව සහ ඔස්ටේ්‍රලියාව අතර ආරම්භ වන ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ සිට මෙම නීතිය ක්‍රියාත්මක වේ.

එමෙන්ම නිවැරදිව පන්දු රැක ගත්තා ද තීරණය කළ නොහැකි උඩ පන්දුවක් රැක ගත් පසුව එය තෙවැනි විනිසුරුට යොමු කිරීමේ දී සලකා බලන පිටියේ විනිසුරුගේ තීරණය ද නව නීති යටතේ සලකා නොබැලීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.

ඒ අනුව පිටියේ විනිසුරුවරයන් දෙදෙනාට තීරණයක් ගැනීමට නොහැකිව තෙවැනි විනිසුරුගේ සහය පතා එය තෙවැනි විනිසුරුට යොමු කරන විට පන්දු යවන අන්තයේ විනිසුරුවරයා විසින් මීට පසු තීරණයක් ලබාදෙනු නොලැබේ.

මීට පෙර සිදු වූයේ තෙවැනි විනිසුරුවරයා විසින් පරීක්ෂා කර පිටියේ විනිසුරුගේ තීරණය වෙනස් කිරීමට හැකි සාක්ෂි නොමැති වුවහොත් පිටියේ විනිසුරු ලබා දුන් තීරණය අවසන් තීරණය වීමයි.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment