‘අපට අරගල එපා : වහාම යන්න’ – මුදලිගේලාට යාපනයේදී විරෝධය

272

වසන්ත මුදලිගේ ඇතුළු දකුණේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් නියෝජිතයන් උතුරට පැමිණීමට විරෝධය පළ කිරීම සඳහා යාපනය විශ්වවිද්‍යාලයීය සිසුන් පිරිසක් හා යාපනයේ ස්වෙච්ඡා සංවිධාන කීපයක් යාපනයේදී උද්ඝෝෂණයක් සංවිධානය කොට තිබුණි.

ඔවුන් කියාසිටියේ උතුරේ දෙමළ වැසියන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක වීමේදී හා තවත් සිද්ධීන් නිසා පීඩාවට පත්වූ අවස්ථාවේ දකුණේ ශිෂ්‍ය සංගම් උතුරට පැමිණ ඒ සම්බන්ධයෙන් හඬක් නැගීමක් හෝ විරෝධය පළකිරීමක් නොකළ බවයි.

වසන්ත මුදලිගේ ඇතුළු පිරිසක් යාපනයට පැමිණ යාපනයේදී ශිෂ්‍ය සම්මේලනයක් පැවැත්වූ අවස්ථාවේ ඔවුහු එම ශාලාව ඉදිරිපිට මෙම විරෝධතාව පැවැත්වූහ. ‘අපිට අරගල එපා: වහාම යාපනයෙන් යන්නැ’යි එහි වැසියෝ මුදලිගේ ඇතුළු පිරිසට අවධාරණය කළහ.

යාපනය විශ්වවිද්‍යාලයේ ක්‍රියාකාරී ශිෂ්‍යයන් පිරිසක් වසන්ත මුදලිගේ සමග එම සම්මේලනයට සහභාගීව සිටියදී තවත් පිරිසක් ඊට එරෙහිව පවත්වන ලද විරෝධතාවට එක්ව සිටියහ.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment