අපට ගෑස්‌ නැහැ… ලාෆ් පාරිභෝගිකයෝ; පාඩුවට දෙන්න බැහැ… ලාෆ් සභාපති; මිල වැඩි කරන්න දෙන්න බැහැ… පාරිභෝගික සේවා ඇමැති

398

ලාෆ් ගෑස් සමාගම විසින් වෙළෙඳපොළට ගෑස් සැපයීම නතර කර තිබීම නිසා එම ගෑස් පාරිභෝගිකයෝ මහත් අපහසුතාවයට පත්ව සිටිති.

 විශේෂයෙන්ම ගෘහස්ථ පාරිභෝගිකයෝ මින් දැඩි ලෙස පීඩාවට පත්වී සිටිති.

 ලාෆ් ගෑස් සිලින්ඩරවලට ලිට්‍රෝ ගෑස් ලබා ගැනීමට නීතිමය බාධාවක්ද පැවතීම නිසා පාරිභෝගික ජනතාව මේ සඳහා කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටිති.

 මේ සම්බන්ධයෙන් ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා පැවසුවේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 798 කින් ඉහළ දැමීමට හෝ ඒ සඳහා රජයෙන් තම සමාගමට සහනයක් ලබාදීමට හෝ කටයුතු කරන්නේ නම් යළි වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීමේ කටයුතුවල යෙදිය හැකි බවයි. එසේ නොමැතිව ගෑස් නිකුත්කිරීමෙන් තම සමාගමට විශාල පාඩුවක් සිදුවන බවය.

 එසේම රට තුළ පවතින ඩොලර් සංචිත අර්බුදය හමුවේ ලෝක වෙළෙඳපොළෙන් ගෑස් මිලදී ගැනීම සඳහා බැංකු ණයවර ලිපි නිකුත් කිරීමද අත්හිටුවා ඇතැයි වෑගපිටිය මහතා සඳහන් කළේය.

 මේ සම්බන්ධව පාරිභෝගික සේවා ඇමැති ලන්ත

 අලගියවන්න මහතා පැවසුවේ ගෑස් මිල ඉහළ දැමීමට මේ මොහොතේ කටයුතු කළ නොහැකි බවය. ජනතාව මේ වනවිට ආර්ථික ගැටලූ වලින් පීඩාවට පත්ව සිටින නිසා ගෑස් මිල වැඩි කළහොත් ඉන් තවත්් බැටකන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment