අපට දැඩි තීරණ ගන්න වෙනවා… අගමැති ‘දිවයිනට’ කියයි

955

රට පුරා පැනනැ`ගී තිබෙන කොරෝනා වසංගත තත්ත්වය අනුව පවතින සංචරණ සීමාවන්ට එහා ගිය දැඩි තීන්දු තීරණ ගැනීමට සිදුවන බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ‘දිවයිනට’ ඊයේ (12 දා* පැවසීය.

 රට පුරා මේ වනවිට උද්ගතව ඇති වසංගත තත්ත්වය පිළිබඳව කළ විමසීමකට පිළිතුරු දෙමින් අගමැතිවරයා ඒ බව සඳහන් කළේය.

 කොවිඞ් වසංගත තත්ත්වය නොසලකා සමහරු සෞඛ්‍ය උපදෙස් පැහැර හැරීම දිගින් දිගටම සිදුවන බවත් ඔවුන්ට කොතෙක් කරුණු පැහැදිලි කළත් පලක් වී නැති බවත් හෙතෙම කීවේය.

 මේ අනුව අද හෙටම දැඩි තීන්දුවලට එළැඹෙන බවද හෙතෙම කීය. රටේ ජනතාවගේ ජීවිත බේරාගැනීම සඳහා ආණ්ඩුව සෑම උත්සාහයක්ම ගන්නා බවද ජනතාවගේ සහයෝගය නොමැතිව කොරෝනා තත්ත්වය මැ`ඩපැවැත්වීමට නොහැකි වන බව ද අගමැතිවරයා පැවසීය. කොවිඞ් එන්නත් අපට දිගින් දිගටම ලැබෙමින් පවතිනවා. පළමු හා දෙවන මාත‍්‍රා ජනතාවට ලබා දීමෙන් පසු අවශ්‍යතාවක් ඇති වුවහොත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් අනුව තුන්වන එන්තත් මාත‍්‍රාවක් අපට ලබා ගැනීමට හැකියි යැයි ද ඒ මහතා සඳහන් කළේය.

 කෙසේ වෙතත් මෙම පළමු හා දෙවන එන්නත් මාත‍්‍රා අපි ලබාගත යුතු යැයි ද හෙතෙම කියා සිටියේය. එන්නත ප‍්‍රතික්‍ෂේප කළ පුද්ගලයන් පවා එන්නත් ලබා ගැනීමට දැඩි උත්සාහයක් ගන්නා බව පෙනී යන බවද හෙතෙම සඳහන් කළේය.

නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment