අපද්‍රව්‍ය වැඩිපුරම කැළණි ගඟට….

490

මෙරට ගංගා අතරින් අපද්‍රව්‍ය බැහැරකරන වැඩිම ස්ථාන සංඛ්‍යාවක් ඇත්තේ කැලණි ගඟ ආශ‍්‍රිතව බව මධ්‍යම පරිසර අධිකාරිය විසින් සිදුකරන ලද සමීක්‍ෂණයකට අනුව හෙළි වී ඇත. එම සංඛ්‍යාව 1374 ක් බවත්, ඉන් 797 ක් පිහිටා ඇත්තේ කොළඹ නගරය ආශ‍්‍රිතවය. ඉතිරිය ගම්පහ දිස්ත‍්‍රික්කය ආශ‍්‍රිතව පිහිටා ඇති අතර එම සංඛ්‍යාව 577 කි.

 කොළඹ සහ ගම්පහ දිස්ත‍්‍රික්කවල පදිංචි ජනතාවගෙන් විශාල පිරිසකගේ පානිය ජල සැපයුම සඳහා අවශ්‍ය ජලය ලබාගන්නේ කැලණි ගෙඟනි. එසේම විවිධ පුද්ගලයන් විසින් තම නිවසේ එකතුවන කැළි කසළ කැලණි ගඟට විසිකරන ප‍්‍රධාන කලාපයක් ලෙස හංවැල්ල සිට පෑලියගොඩ දක්වා කලාපය හඳුනාගෙන ඇත. මෙම තත්ත්වය පාලනය සඳහා මෙම කලාපය සංරක්‍ෂණ කලාපයක් ලෙස නම් කිරීමටත්, මෙම කලාපය තුළ කැලණි ගඟට ඉහළින් ඉදිකර ඇති පාලම් හි සීසීටීවී කැමරා සවිකිරීමටත් පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. සුරකිමු ගංගා වැඩසටහන යටතේ ගංගා සංරක්‍ෂණය සඳහා වැයකරන මුදලින් වැඩි ප‍්‍රතිශතයක් කැලණි ගඟ සංරක්‍ෂණය සඳහා වෙන් කිරිමට ද ඇමැතිවරයා උපදෙස් දී ඇත.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment