අපනයනය ඉපැයීම් ආදායම ඉහළට

190


2022 සැප්තැම්බර් මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයනය ඉපැයීම් ආදායම සියයට 5.75 % කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව වාර්තාවේ.

ඒ අනුව වෙළෙඳ භාණ්ඩ අපනයන ඉපැයීම් ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,093.98 දක්වා වැඩි වී ඇත.

මෙයට ප්‍රධාන වශයෙන් ඇඟලු‍ම් හා රෙදිපිළි, තේ, මැණික් හා ස්වර්ණාභරණ, විදුලි හා ඉලෙක්ට්‍රොනික සංරචක, කුළුබඩු හා අත්‍යවශ්‍ය තෙල් අපනයන ආදායම ඉහළ යෑම බලපා ඇතැයි ශ්‍රී ලංකා රේගු දත්ත සඳහන් කරයි.

2022 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් මිලියන 1,455.75 ක් වූ අතර, එය 2021 අනුරූප කාල සීමාවට වඩා 3.8% කින් වැඩි වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment