අපනයනය ඉලක්ක කර ගත් ආයතන රැසකට නව ආයෝජකයෝ

214

අපනයන ආර්ථිකය ඉලක්ක කරගෙන කන්කසන්තුරේ සිමෙන්ති කම්හල, පරන්තන් රසායනික කම්හල, ලුණු සමාගම, පිඟන් සංස්ථාව ආදී ආයතන ගණනාවක් ඉදිරියේදී නව ආයෝජකයන් සහිතව ආරම්භ කිරීමට කටයුතු කරන බව වැවිලි කර්මාන්ත හා කර්මාන්ත ඇමැති වෛi රමේෂ් පතිරණ මහතා පවසයි.

එසේම රජයේ ඉඩම් ආයෝජනයන් නිදහස් කිරීමට ඉඩම් බැංකුවක් නිර්මාණය කරන බවද එවිට එක ආයතනයක් හරහා පමණක් ඉඩම් නිදහස් කිරීමට හැකියාව ලැබෙන බවද ඇමැතිවරයා සඳහන් කරයි.

දේශීය සහ විදේශීය ආයෝජකයන් සඳහා උපරිම පහසුකම් සහිත ඉඩ පහසුකම් සලසාදීමට විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් වැවිලි කර්මාන්ත හා කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම යන මහත්වරුන් අතර ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී රමේෂ් පතිරණ ඇමැතිවරයා මෙම තොරතුරු සඳහන් කළේය.

මෙහිදී ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා පැවසුවේ මෙරට ආයෝජනය සඳහා පැමිණෙන ආයෝජකයන්ට අවශ්‍ය නීතිමය හා ප්‍රායෝගික පහසුකම් සියල්ල සිය අමාත්‍යාංශය මැදිහත්වීමෙන් ඉටුකර දෙන බවය.

ඒ සඳහා ඉන්වෙස්ට්මන් ෆැසිලිටේට්ස් සෙන්ටර් සහ ඉන්වෙස්ට්මන් ෆැසිලිටේට්ස් සෙන්ටර් කොමිටි ඇතිකොට ක්‍රියාත්මක කරමින් සිටින බවත් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය ක්‍රියාත්මක කරන ඒකාබද්ධ යාන්ත්‍රණය තුළින් ආයෝජන අවස්ථා වැඩි කරගැනීමට කටයුතු කරන බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවැසීය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment