අපනයන ආදායම්  රටට නොඑවීමෙන්  විනිමය අර්බුදය උග්‍රවෙයි

191

තමන් විසින් අපනයන ආදායම් ලෙස මාසිකව උපයන ඩොලර් බිලියනයක හෙවත් රුපියල් බිලියන 367 ට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට නොඑවා පිට රටවලම තබා ගැනීමට මෙරට අපනයනකරුවන් විසින් කටයුතු කිරීම නිසා ශ්‍රී ලංකා විදේශ විනිමය ප්‍රශ්නය තවදුරටත් උග්‍ර වී ඇත.

 ශ්‍රී ලංකාවේ අපනයන ආදායම බොහෝ දුරට මාසිකව ඇමෙරිකන් ඩොලර් බිලියනයක් හෝ මිලියන 800 ක් අතර පවතී. මේ මුදල් කලක පටන් ශ්‍රී ලංකාවට ලැබෙන්නේ නැත. මේ මුදලින් මාසයක් සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමානය මෙන් දෙගුණයක් ළමයින් සඳහා වූ කිරි පිටි සහ බෙහෙත් වර්ග ආනයනය කිරීමට හැකිය. පසුගියදා නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මගින් අපනයනකරුවන් විසින් උපදවන ඩොලර් ආදායම මෙරටට ගෙන්වීම අනිවාර්ය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගන්නා ලදී.

 පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 1 ක් වෙද්දී ආනයන වියදම ඩොලර් බිලියන දෙකක් විය. එහෙත් ප්‍රතිපත්තිමය තීරණ අනුව කරන ලද ආනයන වියදම් කප්පාදු කිරීම්වලින් පසු මෙරට ආනයන වියදම මාසිකව ඩොලර් බිලියන 1.3ක ප්‍රමාණයක පවත්වාගෙන යෑමට රජයට හැකිවිය.

 මේ අතර ශ්‍රී ලංකාවේ තේ අපනයන ආදායම බෙහෙවින් පහත වැටී ඇති බවද දැනගැනීමට තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment