අපනයන ආදායම ඉහළ යයි

244


2021 වසරේ දී ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 15.1ක් උපයාගෙන ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

එය 2020 වසරේ උපයන ලද අමෙරිකානු ඩොලර් බිලියන 12.34 හා සසඳන විට සියයට 23ක වර්ධනයක් බවද අමාත්‍යවරයා පවසයි.

ඉතිහාසයේ ප්‍රථම වතාවට 2021 වසරේ දී භාණ්ඩ අපනයනයෙන් උපයන ලද අමෙරිකානු ඩොලර් බිලියන 12ක සීමාව පසු කරමින් අමෙරිකානු ඩොලර් බිලියන 12.5 දක්වා ඉහළ ගොස් ඇතැයිද එය 2021 වසරේ අපනයන ඉලක්කය අභිබවායෑමක් මෙන්ම 2020 වසරට සාපේක්ෂව සියයට 24ක ක වර්ධනයක් බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment