අපනයන ආදායම පල්ලම් බහී

134

වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම 2023 ජනවාරි මාසයේ දී 2022 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලර් මිලියන 978ක් දක්වා සියයට 11.3 කින් පහළ ගොස් ඇත.

2022 ජනවාරි මස වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1103 ක් විය.

සියලුම ප්‍රධාන අපනයන කාණ්ඩවල ඉපැයීම් පහළ ගිය අතර, ඒ අතරින් කාර්මික අපනයන පහළ යෑම කැපී පෙනුණි. මේ අනුව කාර්මික අපනයන ආදායම 2022 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලර් මිලියන 781 ක් දක්වා සියයට 12.4 කින් සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇත. වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම, 2022 සැප්තැම්බර් මාසයේ සිට, අපේක්ෂිත මට්ටමට වඩා

මන්දගාමී වේගයකින් වුවද, අඛණ්ඩව පහළ යෑමක් පෙන්නුම් කර ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment