අපනයන ආදායම පහතට

105

ඉකුත් පෙබරවාරි මස වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ගිය වසරේ (2022) පෙබරවාරි මාසයට සාපේක්ෂව සියයට 10.2 කින් පහත වැටී ඇත.

මේ අනුව ගිය වසරේ (2022) පෙබරවාරි මාසයේ වාර්තා කළ ඇමරිකානු ඩොලර් මිලියන 1093 ක අපනයන ආදායම මේ වසරේ (2023) පෙබරවාරි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 982 ක් දක්වා අඩු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (31 දා) නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.

එසේම මේ වසරේ (2023) ජනවාරි සහ පෙබරවාරි මාස දෙකේ අපනයන ආදායම ද ගිය වසරේ (2022) පළමු මාස දෙකට සාපේක්ෂව සියයට 10.7 කින් පහත වැටී ඇත. මේ අනුව ගිය වසරේ (2022) පළමු මාස දෙකේ ඇමරිකානු ඩොලර් මිලියන 2196 ක් වූ අපනයන ආදායම මේ වසරේ (2023) පළමු මාස දෙකේදී ඇමරිකානු ඩොලර් මිලියන 1960 ක් දක්වා පහත වැටී ඇතැයි එම නවතම මහ බැංකු වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment