අපනයන ඉපැයීම් ඊළඟ මස 7 දාට පෙර රුපියල් කළ යුතුයි – මහ බැංකු අධිපතිගෙන් ගැසට් නිවේදනයක්

166

විදේශ මුදල් උපයන සෑම දේශීය සැපයුම්කරුවකුම එසේ උපයන විදේශ මුදල් ආදායමින් අනුමත ගෙවීම් කළ පසු ඉතුරු වන ශේෂය එළඹෙන මාසයේ 7 වැනිදාට හෝ ඊට පෙර අනිවාර්යයෙන්ම රුපියල්වලට පරිවර්තනය කළ යුතු බවට ශී‍්‍ර ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා විසින් අතිවිශේෂ ගැසට් පත‍්‍රයකින් නියම කර ඇත.

මාර්තු 11 දිනැතිව මහ බැංකු අධිපතිවරයාගේ අත්සනින් මේ ගැසට් නිවේදනය කර ඇත.

මේ ගැසට් නිවේදනයට අනුව නිශ්චිත භාණ්ඩ හෝ සේවා අපනයනයන් සම්බන්ධ මිලදී ගැනීමක් සඳහා 2017 අංක 17 දරන විදේශ විනිමය පනතේ විධිවිධාන යටතේ අවසරලත් දේශීය සැපයුම්කරුවන්ට කරන ගෙවීම් තම අපනයන ආදායමින් සිදුකළ හැකි අවසරලත් ගෙවීමක් ලෙස නම්කර තිබේ.

එසේම ක‍්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත (සංශෝධිත* යටතේ ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ ‘ක‍්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති’ ලෙස ලියාපදිංචි කරන ලද භාණ්ඩ හෝ සේවා අපනයනකරුවන් හට අවස්ථානුකූලව ශී‍්‍ර ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තම අභිමතය පරිදි මෙම ගැසට් නිවේදනයේ රීති යටතේ වන යම් හෝ සියලූම අවශ්‍යතාවලින් නිදහස් කිරීම් ලබාදීම සිදුකළ හැකි බවටද මෙම ගැසට් නිවේදනයෙන් නියම කර ඇත.

සෑම භාණ්ඩ හා සේවා අපනයකරුවෙක්ම තමා අපනයනය කරන සියලූම භාණ්ඩ හෝ ශී‍්‍ර ලංකාවෙන් පිටතට සපයන ලද සේවාවලට අදාළව ලැබුණු අපනයන ඉපයීම් අදාළ භාණ්ඩ නැව්ගත කරන දිනයේ සිට හෝ එම සේවාව සැපයූ දිනයේ සිට දින එකසිය අසූවක් (180* ඇතුළත අනිවාර්යයෙන්ම ශී‍්‍ර ලංකාව වෙත ගෙන්වා ගත යුතු බවටද එම ගැසට් නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment