අපනයන වෙළඳපල විවිධාංගීකරණය සහ නිෂ්පාදන නවෝත්පාදනය වෙනුවෙන් Dipped Products නව කළමනාකාර අධ්‍යක්ෂ පෙරට

95
Dipped Products PLC‍ හි නව කළමනාකාර අධ්‍යක්ෂ ලෙස අගය එකතු කළ අපනයන නවෝත්පාදනයන් ජය ගැනීමට මග පෙන්වන පුෂ්පික ජනාධීර මහතා

ගෝලීය ඒකාබද්ධ රබර් අත්වැසුම් නිෂ්පාදක, Dipped Products PLC (DPL), නව කළමනාකාර අධ්‍යක්ෂ පුෂ්පික ජනාධීර මහතා විසින් මෙහෙයවනු ලබන නවෝත්පාදනයන් මූලික කරගත් වර්ධන න්‍යායන් යථාර්තවත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස නව අපනයන වෙළෙඳපොලවල් සහ ඉහළ වටිනාකම් අත්පත් කරගනියි.

ශ්‍රී ලංකාවේ විශාලතම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරය වන හේලීස් සමූහයේ සාමාජිකයෙකු වන DPL විසින් දැනට යුරෝපා සංගමයේ සහ උතුරු ඇමරිකාවේ ප්‍රධාන වෙළඳපලවල් ඇතුළුව ලොව පුරා රටවල් 70කට අධික පාරිභෝගිකයින්ට විශේෂිත කාර්මික, වෛද්‍ය සහ ගෘහස්ථ අත්වැසුම් රාශියක් පිරිනමයි.

රබර් කර්මාන්ත ක්ෂේත්‍රය හා සබැඳිව වසර 24කට වැඩි කාලයක පළපුරුද්දක් ඇති ජනාධීර මහතා, 2017 දී DPL හි මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස සම්බන්ධ වූ අතර එහිදී ඔහු DPL හි වඩාත්ම පරිවර්තනීය මුලපිරීම් බොහොමයක් අධීක්ෂණය කළේය. එම මුලපිරීම් යටතට සැලකිය යුතු නිෂ්පාදන ක්‍රියාවලි ප්‍රශස්තිකරණය, සම්පූර්ණ නිෂ්පාදන ධාරිතාව ප්‍රසාරණය සහ නව්‍ය නිෂ්පාදන සංවර්ධනය සඳහා කරන ලද පර්යේෂණ සහ සංවර්ධනය ඇතුළත් විය.

ජනාධීර මහතා සිය DPL හි සේවා කාලය තුළ පාරිසරික, සමාජීය සහ පාලන (ESG) ප්‍රමිතීන් ක්‍රියාවට නැංවීම සහ අඛණ්ඩව වැඩිදියුණු කිරීම සඳහා සමාගමේ ප්‍රගතිශීලී ප්‍රවේශය සහ Hayleys Lifecode යටතේ දක්වා ඇති පුළුල් ඉලක්ක වෙත මූලික අවධානය යොමු කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment