අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයා මැරූ බඳගිරියේ තරුණයා රිමාන්ඩ්- තම පියා මැරුවැයි අවුරුදු 7ට පසු පලිඅරන්

136

හම්බන්තොට සූචී ගම්මානය පාරේදී අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු පසුගිය 21 දා වෙඩි තබා ඝාතනය කළ 19 හැවිරිදි සැකකරු ලබන මස 07 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස හම්බන්තොට මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඕෂධ මිගාර මහආරච්චි මහතා ඉකුත් 30 දා නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ හම්බන්තොට, බඳගිරිය පදිංචි මනම්පේරිගේ චමොද් නිම්සර නමැති 19 හැවිරිදි තරුණයෙකි. වෙඩි තැබීමෙන් පසු සැකකාර තරුණයා ප්‍රදේශයෙන් පළාගොස් සිටි අතර පසුව පසුගිය 29 දා වෙඩි තැබීම සිදුකළ බව කියන මෙරට නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනිඅවියද රැගෙන සැකකරු හම්බන්තොට පොලිසියට පැමිණ භාර වී තිබේ. එහිදී සැකකරු

පොලිස් අත්අඩංගුවට ගෙන සැකකරුගේ ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව 30 දා සවස සැකකාර තරුණයා හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කෙරුණි. රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණු තරුණයා විසින් පසුගිය 21 දා වෙඩි තබා ඝාතනය කෙරුණේ හම්බන්තොට පදිංචි කොඩිතුවක්කුගේ සාගර නමැති 35 හැවිරිදි එක්දරු පියෙකි. ඔහුටද මිනීමැරුම් දෙකක් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ලව සිටි පුද්ගලයෙක් බවයි පොලිසිය පැවසුවේ. මියගිය පුද්ගලයා සිය බිරිඳ හා වයස අවුරුදු 4ක දරුවා සමග 21 දින රාත්‍රී 9.50ට පමණ හම්බන්තොට සුචි ගම්මානයේ පිහිටි පල්ලිය පාරේ ගමන් කරමින් සිටියදී මාර්ගය හරහා ඇති බම්පර් එකකින් දැමීමට යතුරුපැදියේ වේගය අඩු කරන අවස්ථාවේ වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණි. වෙඩි තැබීම සිදුකළ තරුණයා පොලිසියට පවසා ඇත්තේ මරණකරු විසින් 2016 වසරේ දිනක තමන් ඉදිරිපිටදීම පියාට වෙඩි තබා ඝාතනය කළ බවත්, ඒ වන විට තමන්ට වයස අවුරුදු 12ක් පමණ වන බවත්, එයට පළිගැනීමක් ලෙස වසර 07කට පසු මෙලෙස මොහුව වෙඩි තබා ඝාතනය කළ බවත්ය. සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment