අපරාධ DIG සමුද්‍රජීව

1774

හේමන්ත රන්දුණු

සංවිධානාත්මක අපරාධ සහ පොලිස් අපරාධ අංශය භාර නව නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස එච්. සමුද්‍රජීව මහතා පත්කර ඇත.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුව සිට නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස්වීමෙන් පසු සමුද්‍රජීව මහතා අපරාධ අංශය භාරව මෙසේ පත්කර තිබේ.

සමුද්‍රජීව මහතා ඇතුළුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් හය දෙනෙක් පසුගියදා නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් වීම් ලැබූහ.

නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස්වීම් ලැබූ සෙසු නිලධාරීන් මෙසේය.

රාජ්‍ය බුද්ධි සේවයේ කේ. ඒ. දහනායක, පොලිස් මූලස්ථානය පී. ආර්. පී. සේනානායක, අපරාධ වින්දිතයන් ආරක්‍ෂා කර ගැනීමේ ඒකකයේ යූ. එන්. ආරියරත්න, ඇමැති ආරක්‍ෂක කොට්ඨාසයේ ඩබ්ලිව්. තිලකරන්න, පාරිලිමේන්තු කොට්ඨාසයේ යූ. සරත් කුමාර යන මහත්වරුන්ය.

advertistmentadvertistment
advertistmentadvertistment