අපරීක්‍ෂාකාරීව ධාවනය කළ පොලිස්  ජීප් රථයේ ගැටී කාන්තාවක් මරුට

148

කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ දී පානදුර උතුර පොලිස් ස්ථානයට අයත් ජීප්රථයකට හැපී කාන්තාවක මරුමුවට පත්වී තිබේ.

මෙම අනතුර (07 දා) රාත්‍රී 10.00ට පමණ සිදුවී ඇත.

අදාළ පොලිස් ජීප්රථය අපරීක්‍ෂාකාරී අන්දමින් ගාල්ල – කොළඹ මාර්ගයේ ගමන් කරමින් තිබියදී මාර්ගය අයිනේ නැවතී සිටි කාන්තාවගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි හෙළිවූ බව පොලිසිය පවසයි.

අනතුරින් බරපතළ තුවාල ලබාසිටි කාන්තාව කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කරනවිටත් මියගොස් සිටි බව පොලිසිය පවසයි.

අනතුර සම්බන්ධයෙන් පානදුර උතුර පොලිස් ස්ථානයට අයත් පොලිස් ජීප්රථය පැදවූ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.

අනතුර සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය වැඩිදුර පරක්‍ෂණ සිදුකරයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment