අපල සඵල කරන බොදු පිළිවෙත්

532

අපල සඵල කරන බොදු පිළිවෙත් අනුගමනය කිරීම තුළින් ජන්මියාගේ මේ ජීවිතයේ ඇති බොහෝ දුක තුනි වීම පමණක් නොව සංසාරික මහා දුක් කඳක් නිමා කිරීමට අවශ්‍ය ශක්තිමත් පදනමක් ද දමනු ලබන්නේ ය. මෙහිදී සිහිපත් කළ යුතු වැදගත් කරුණ නම් මෙම බොදු පිළිවෙත් වැරදියට අනුගමනය කිරීම තුළ ජන්මියාගේ මේ ජීවිතය පමණක් නොව සසර ද දුක් ගොඩක් බවට තවදුරටත් පත්වන බවය. එය උදාහරණයක් තුළින් විමසීම වඩා වැදගත් වේ. බොදු පිළිවෙත් අතර බෝධි පූජාව ඉතා ජනප‍්‍රිය වූවකි. මෙහි දී ඇතැමුන් බෝධි පූජා ස`දහා කොඩි හා මල්දාම දමනුයේ බෝ අතුවලය. බෝ අතු පහත් කර බෝ අතු හා පත‍්‍රවලට හානි කරමින් කරන එම ක‍්‍රියා තවත් අපල වැඩි කරන්නේ එම බෝධියේ සිටින දෙවි දේවතාවුන්ගේ ද උදහසට ලක් වෙමිනි. අප සිහි තබා ගත යුත්තක් නම් බොදු පිළිවෙත් සාර්ථක වීමේ රහස වන්නේ අන්ධ භක්තියෙන් තොරවූ ශ‍්‍රද්ධාවයි. බෝධි වෘක්ෂය යනු සිද්ධාර්ථ කුමරුන් මෙලොවට බිහිවන විටම පහළ වූ උත්තුංග වස්තුවකි. එදා බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේ පහළ වූ වජ‍්‍රාසනය මත දස මරුන් පරාජය කොට බුද්ධත්වයට පත්වූ සේක. මාරයා අවීචි මහා නිරයේ ලෝදිය ගෙන පහර පිට පහර දෙද්දී බෝ පත‍්‍රයකට හෝ එදා හානි නොවුණි. ඒ උතුම් බෝධියේම දක්ෂිණ ශාඛාවක් අනුරාධපුර උඩ මළුවේ විරාජමාන බව ඔබ හොඳාකාරවම දනී. ලංකාවේ දසත ඇති බොහෝ බෝධීන් උන්වහන්සේලා උන්වහන්සේගේ ශාඛාවන් වෙයි. ඉතින් බොහෝ පිරිස් අපල දුරුකර ගැනීමට බෝධියේ පත‍්‍ර හා අතු කඩා දමමින් කොඩි, පඬුරු, මල් වැල් ආදී ගැටගසමින් පූජනීය වස්තුවක් වන බෝධියට හානි කිරීම තුළින් වන්නේ බුද්ධ අගෞරවයකි. ඉන් අපල වැඩි වන්නේ පෙර අකුසලයට වත්මන් අකුසල ක‍්‍රියාවන් ද එක් වීම තුළිනි.

 මෙහිදී ජන්ම පත‍්‍ර පරීක්ෂා කරන ජ්‍යොතීර්වේදීන් ද අදාළ ජන්මියාට දින හතක් බෝධි පූජා කිරීමට පමණක් නොකියා එය නිවැරදිව සිදු කරන ආකාරය පිළිබඳව ද දැනුවත් කළ යුතුම ය. තවද මෙහිදී ජන්ම පත‍්‍ර පරීක්ෂාකොට බලා ග‍්‍රහයන්ගේ බල දුබලතා ද නිවැරදිව හඳුනාගත යුතුය. අෂ්ඨ වර්ග වැනි ක‍්‍රම ශිල්ප එහිදී භාවිතය ද වඩා වැදගත් වේ. මෙහිදී අදාළ සුබ අසුබ ග‍්‍රහයන් නිවැරදිව කේන්ද්‍ර පරීක්ෂාවෙන් හඳුනා ගත් පසු අදාළ ග‍්‍රහයන්ට අදාළ දිනයද, දින ගණන ද, වේලාවන්ද තෝරා ගත යුතුය. තවද පංචභූත තත්ත්වයන් සමබර වන පරිදි අදාළ පූජා ද්‍රව්‍යයන් ද තෝරා දිය යුතුය. මෙහිදී මිත්‍යා ක‍්‍රමශිල්ප වලින් බැහැර වී ශ‍්‍රද්ධාවෙන් යුතුව එය සිදු කිරීමට අවශ්‍ය ම`ගපෙන්වීම ජෝතීර්වේදීන් විසින් ලබා දිය යුතුය.

 කවුරුන් හෝ දුකකදී ජෝතිශ්‍යවේදීන් සොයා එන්නේ මෙම උපදේශන ද ලබා ගැනීමට බැව් ඔවුන් අමතක නොකළ යුතුය. වසර විස්සකට ආසන්න අත්දැකීමෙන් අප දන්නා කරුණක් නම් බෝධි පූජා නිවැරදිව සිදුකරන අකාරය පිළිබඳ දැක්මකින් තොරව බොහෝ පිරිසක් කේන්දර පරීක්ෂාවට එති. බෝධියට මල් ටිකක් තබා, කොඩියක් ගැටගසා බෝධියට පැන් කළයක් වත්කර බෝධි පූජා කවි ටිකක් කී පමණින් බෝධි පූජාවක් සිදු කළා යැයි බොහෝ පිරිස් සිතති. තිදොර සංවර සිදු කළ යුතු බෝධි වන්දනාව ඊට වඩා බොහෝ වෙනස් වේ. එසේම නිවැරදිව සිදු කරන බෝධි වන්දනාව තුළින් ප‍්‍රතිඵල ලැබීම ද නිසැකවම සිදුවන්නෙකි. එවැනි අති සාර්ථක උදාහරණ ගණනාවක් අප සතුව ඇතත් මෙම ලිපිය රචනා කරන විට මතකයට එන එක් උදාහරණයක් මෙසේ සනිටුහන් කරමු. දිනක් ජන්ම පත‍්‍ර පරීක්ෂාව සඳහා අප කරා තරුණ යුවළක් පැමිණියේය. එම තරුණිය මාස දෙකකට වැඩි ගැබිනියක් බව මුත‍්‍රා පරීක්ෂා කොට දැන ගෙන ඇත. එහෙත් ඇයගේ දෙවරක් කළ ස්කෑන් පරීක්ෂණවලට අනුව ඇය ගැබිනියක් බවට තහවුරු වූයේ නැත.

 අප ජන්ම පත‍්‍රය පරීක්ෂා කර විමසා බැලූ විට දැනගත්තේ තරුණියගේ කේන්ද්‍රය වූ හයවැන්නට කුජ අයහපත් ලෙසින් සම්බන්ධව ඇති බවත්, ගබ්සා සම්බන්ධ දෝෂ එම නිසා හටගැනීමට බොහෝ ඉඩ ඇති බවත් ය. තව ද එම කාන්තාවට දරු සම්පත් අවම බවත්, එම තරුණයාට දරු සම්පත් තිබුණ ද ඔවුන් දෙදෙනාම එම කාලයේ ඒරාෂ්ටක අපලවලින් දැඩි පීඩා විඳින බවත් ය. ඒ අනුව අදාළ ග‍්‍රහයන් බලවත් වන පරිදි බෝධි වන්දනාව සිදු කිරීමට නියම කරන ලදී. එහිදී දින කිහිපයකින් පැලෝපීය මාර්ගයේම කලලය වැඩෙන බව ඔවුන් නැවත ස්කෑන් පරීක්ෂාවක් මගින් දැනගත් අතර තවදුරටත් බෝධි පූජා හා තවත් බොදු පිළිවෙත් කිහිපයක් අනුගමනය කිරීම තුළ පැලෝපීය මාර්ගයේ සිටි දරුවා මවගේ ගර්භාෂය වෙත ගොස් තිබුණි. මෙහිදී අප සම්පූර්ණයෙන්ම නිර්දේශ කරන ලද්දේ බොදු පිළිවෙත්ම පමණි. නිරෝගී දරු උපතක් සමඟ ජීවිත දෙකක්ම මින් බේරුණේය. එය සනාථ කිරීමට අදාළ වෛද්‍ය සහතික ද ඇත. අති සාර්ථක එවැනි අප අත්දුටු තවත් බොදු පිළිවෙත් රාශියක් මින් ඉදිරියට පියවරෙන් පියවර ඔබ වෙත රැුගෙන එන්නට අප බලාපොරොත්තු වන්නෙමු.

 මනෝවිද්‍යා උපදේශක, ජ්‍යෝතිර් විද්‍යා පර්යේෂක,
 නුවන් ශ‍්‍රී චසිත බුලත්සිංහල

advertistmentadvertistment
advertistmentadvertistment