අපවත් වී වදාළ අහංගම පියගුණ නාහිමි ආදාහන පූජෝත්සවය හෙට

92

තිස්සමහරාම ඵෙතිහාසික යඨාල රාජමහා විහාරය හා දෙබරවැව ඵෙතිහාසික මැණික් රාජමහා විහාරයේ විහාරාධිපති, මිරිස්ස සිරිසුනන්ද ත‍්‍රිපිටක විද්‍යාලය හා රත්මලාන මිරිස්ස ගුණසිරි ස්වාමින්ද්‍ර ධර්මායතනයන්හි අධිපති ශාස්ත‍්‍රපති පූජ්‍ය අහංගම පියගුණ නාහිමියන් අපවත් වූහ.

ඉමහත් ශාසනීය සේවාවක් සිදුකළ පියගුණ නාහිමියන් අපවත් වනවිට හැටහය වියේ පසුවිය.

උන්වහන්සේගේ ආදාහන පූජොත්සවය ලබන හෙට (29 දා අගහරුවාද) සවස 2.00 ට මිරිස්ස පොදු ක‍්‍රීඩාංගණයේ දී සිදු කෙරේ.

දෙබරවැව – ඒ. ඒ. පේමසිරි
 

advertistmentadvertistment
advertistmentadvertistment