අප්‍රේල් උද්ධමනය 29.8% දක්වා වාර්තාගත ලෙස ඉහළට

175

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය ඉකුත් අප්‍රේල් මාසයේදී සියයට 29.8 ක් දක්වා වාර්තාගත ලෙස විශාල වශයෙන් ඉහළ ගියේය. මෙය ඉතිහාසයේ ඉහළතම අගයකට උද්ධමනය වැඩිවීමකි. පසුගිය මාර්තු මස පැවැති උද්ධමනය සියයට 18.7 ක් විය.

මුළු උද්ධමනය නියෝජනය කරන ආහාර කාණ්ඩයේ උද්ධමනය 2022 මාර්තු මාසයේදී පැවැති සියයට 30.2 සිට ඉකුත් අප්‍රේල් මාසයේදී සියයට 46.6 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

එසේම ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2022 මාර්තු මාසයේදී පැවැති සියයට 13.4 සිට ඉකුත් අප්‍රේල් මාසයේදී සියයට 22 දක්වාද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

මේ අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශක අගය ඉකුත් මාර්තු මස පැවැති ඒකක 164.9 සිට පසුගිය අප්‍රේල් මාසයේදී ඒකක 180.2 දක්වා සියයට 9.3 කින් වර්ධනය වී ඇත. කිරිපිටි, සහල්, පාන්, පරිප්පු, සීනි සහ කරවල මිල ගණන් අප්‍රේල් මාසයේදී ආහාර කාණ්ඩය තුළ ඇති අයිතමයන්ගෙන් ඉහළ ගොස් තිබේ.

එසේම ආහාර නොවන කාණ්ඩයේ ඇති ප්‍රවාහන (පෙට්‍රල් සහ ඩීසල්), නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන සහ ආපනශාලා හා හෝටල් යන උපකාණ්ඩවල ඇති අයිතමවල මිල ගණන් අප්‍රේල් මාසයේදී ඉහළ ගොස් තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment