අප්‍රේල් මාසයේ උද්ධමනය  සියයට 33 ට නගී

90

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය ඉකුත් මාර්තු මාසයේදී පැවති සියයට 21.5 සිට අප්‍රේල් මාසයේ දී සියයට 33.8 ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.

එසේම අප්‍රේල් මාසයේදී ආහාර උද්ධමනය සියයට 45.1 දක්වා සහ ආහාර නොවන උද්ධමනය සියයට 23.9ක් දක්වා ද ඉහළ ගිය බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඊයේ (23දා) නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ. මේ අනුව අප්‍රේල් මාසයේ ජාතික පාරිභෝගික මිල දර්ශක අගය 190.3 දක්වා ඉහළ ගොස් ඇති අතර එම දර්ශක අගය මාර්තු මාසයේදී 172.7ක් විය. මේ අනුව ජාතික පාරිභෝගික මිල දර්ශක අගය සියයට 10.2 කින් අප්‍රේල් මාසයේදී ඉහළ ගොස් තිබේ. එසේම අප්‍රේල් මාසයේදී සාමාන්‍ය මිල මට්ටම සියයට 90.3 කින් ද ඉහළ ගොස් තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment