අපායට නොයන මරණයට මඟ… – පොත් පත් පුවත්

178

මගේ ජීවිතයේ ගෙවුණා වූ අවුරුදු හැටක කාලය පුරාවටම මා කියවූ ධර්ම පුස්තකයන් ප‍්‍රමාණය ඉතා විශාලය. නමුත් මෑතකදී මට කියැවීමට ලැබුණු ඉතාම වටිනා ධර්ම පුස්තකයක් ලෙස අපායට නොයන මරණයට මඟ කෘතිය හැඳින්විය හැකිය.

මෙම කෘතියේ විශේෂත්වයන් කිහිපයක් මම දුටුවෙමි. පළමුවැනි කාරණය වන්නේ මෙම ධර්ම පුස්තකය සංස්කරණය කොට තිබෙන්නේ වනවාසීව වැඩ වාසය කරන අධිගමලාභී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් සමග කරන ලද සාකච්ඡුාමය ග‍්‍රන්ථයක් වශයෙන් වීමය.

දෙවෙනි කරුණ ලෙස මා දුටුවේ එම වනවාසී ස්වාමීන් වහන්සේගෙන් මෙහි සංස්කාරකවරයා අසා තිබෙන ප‍්‍රශ්න හතර බෞද්ධයන් හැටියට අපගේ ලෞකික ජීවිතයත් පාරලෞකික ජීවිතයත් වඩාත් යහපත් කොට ගැනීමට හේතුවන ප‍්‍රශ්න හතරක් වීමය. සුගතියේ උප්පත්තියක් කියන්නේ කුමක්ද යන්න පිළිබඳවත්, පින් කුසල් රැුස් කරමින් අප සුගතියේ උප්පත්තියකට ප‍්‍රාර්ථනා කළ යුත්තේ ඇයිද යන්න පිළිබඳවත්, දුගතිය පිළිබඳව ඉතා භයංකාර විස්තරයකුත් මේ ග‍්‍රන්ථයේ දැකගත හැකි විය. ඊට අමතරව බෞද්ධයන් හැටියට අප මරණාසන්න මොහොතේදී සුගතියේ උප්පත්තියක් සඳහා හේතු වන චුති සිතක් පහළ කර ගැනීමට නම් රැුකිය යුතු වත් පිළිවෙත් මොනවාද යන්න පිළිබඳවත් අති දුර්ලභ වූ විස්තරයක් මේ ධර්ම ග‍්‍රන්ථය තුළ ඇතුළත්ව තිබීම ඉතාමත් වැදගත්ය.

මේ සියලූ කරුණු සේම මෙම සදහම් පුස්තකය රචනා කොට තිබෙන භාෂාව අකුරු කියවීමට හැකි ඕනෑම කෙනෙකුට ඉතා පහසුවෙන් කියවා අවබෝධ කරගත හැකි වන පරිදි සරල භාෂාවකින් ලියා තිබීම ඉතාම වැදගත්ය. බොහෝ ධර්ම පුස්තකයන් අපේ රටේ රචනා වී තිබෙන්නේ ඉතා ගැඹුරු භාෂාවකින් වුවද මෙම සදහම් පුස්තකය රචනා වී තිබෙන්නේ ඉතාමත් සරල භාෂාවකින් ය. එය ධර්ම කරුණු අවබෝධ කර ගැනීමට ඉතාම පහසුවක් වී තිබෙන බව කිව යුතුය.

මෙම ධර්ම පුස්තකය එක හුස්මට කියවා අවසන් කළ මම ජීවිතයේ මෙතුවක් කල් අවබෝධ කර ගැනීමට නොහැකි වූ බොහෝ ධර්ම කරුණු ගණනාවක් මම වටහා ගත් බව ප‍්‍රකාශ කළ යුතුය. බෞද්ධයකු ලෙස මේ භයංකාර සංසාර ගමනින් එතෙර වීමට ආර්ය

අෂ්ටාංගික මාර්ගය තුළ ගමන් කළ යුතු බවත් අනතුරුව තම ජීවිතය සතර සතිපට්ඨානය තුළ විසුරුවමින් මනසිකාර කළ යුතු බවත් ඒ තුළින් මේ ආත්ම භාවයේදීම උතුම් වූ මාර්ගඵලයන් අත් කරගත හැකි බවත් මම පසක් කොට ගත්තේ මෙකී ධර්ම ග‍්‍රන්ථය කියවීමෙන් බව කිව යුතුය.

එබැවින් ඔබ ද මෙම ග‍්‍රන්ථය කියවා මේ භයංකාර වූ සසර ගමන නිමා කිරීමට අවශ්‍ය මාර්ගය එළි පෙහෙළි කර ගන්න උත්සාහ කරන්න. මෙම සදහම් පුස්තකය වෙනුවෙන් ධර්ම කරුණු දේශනා කළා වූ ඒ පින්වත් ස්වාමින්වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍ය ඥානය අවබෝධ වේවායි ප‍්‍රාර්ථනා කරමි. ඒ වගේම මේ කෘතිය සංස්කරණය කළ කොන්වීර ආරච්චි මහතාට ද නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවායි ප‍්‍රාර්ථනය කරමි.

* ධම්මික බණ්ඩාර
(ගීත රචක හා ගීත විචාරක)

advertistmentadvertistment
advertistmentadvertistment