අපිට ඉගෙන ගන්නයි, රැකියාවක් කරන්නයි අවශ්‍යයි… ඒක තමයි නිදහස… ඇෆ්ගන් කාන්තාවෝ පවසති

286

ඇෆ්ගනිස්තානය යළිත් වතාවක් තාලිබාන් පාලනයට නතු වී හමාරය. මෙතැන් පටන් එරට සිටින කාන්තාවන්ගේ කලදසාව කෙසේ වේදැයි යන්න පිළිබඳව බොහෝ දෙනා දැන් විමසිලිමත් වෙති.

ඒ අනුව ගැහැනු ළමුන්ට පාසල් අධ්‍යාපනය අහිමි වේද? රැකියාවක් කිරීමේ නිදහස සීමා වේද? බුර්කාව පැළඳීම අනිවාර්ය වේද? රිය පැදවීම තහනම් වේද? තනිවම නිදහසේ ගමනක් බිමනක් යෑමේ අයිතියට වැට බැඳේවිද? තාලිබාන් මාධ්‍ය ප‍්‍රකාශකයා කියා සිටියේ ඇෆ්ගන් කාන්තාවගේ අයිතීන් ‘‘ඉස්ලාමීය නීති රාමුව” තුළ රැකෙනු ඇති බවකි. නමුත් ඒ පිළිබඳව වැඩි විස්තර ඉදිරිපත් කළේ නැත. කෙසේ හෝ වේවා, සමස්ත ඇෆ්ගන් ජනතාව ‘‘ඉස්ලාමීය නීති රාමුවට” අනුකූලව ජීවත් විය යුතු බව තලිබාන් ප‍්‍රකාශක සබිහුල්ලා මුජාහිඞ් අවධාරණය කළේය. ඔහු මේ බව කියා සිටියේ රටේ පාලනය තාලිබාන්වරුන් අතට පත්වීමෙන් අනතුරුව පැවති ප‍්‍රථම මාධ්‍ය හමුවේදී ය.

මේ අනුව ඇෆ්ගන් කාන්තාවගේ අයිතීන් සහ නිදහස අනතුරට පත්විය හැකි බවට මානව හිමිකම් සංවිධාන බිය පළ කරති.

කාන්තාවට මුළු සිරුරම වැසෙන ආකාරයට බුර්කාව ඇඳීම අනිවාර්ය විය. වයස අවුරුදු 10 පිරීමෙන් අනතුරුව සියලූ ගැහැනු දරුවන්ට පාසල තහනම් විය.

ඉහත කී මාධ්‍ය හමුවේදී තාලිබාන් ප‍්‍රකාශකයාට ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගෙන් ප‍්‍රශ්න රැසක් ගලා එන්නට පටන් ගත්තේය. විශේෂයෙන්ම ඇෆ්ගන් කාන්තාව ගැන විමසූහ. ‘‘අපේ (නීති) රාමුවට අනුකූලව කාන්තාවන්ට රැකියා කිරීමට සහ අධ්‍යාපනය ලැබීමට අවසර දීමට අපි කටයුතු කරනවා.” යැයි පිළිතුරු දුන් තාලිබාන් ප‍්‍රකාශකයා තවදුරටත් කියා සිටියේ, ‘‘අපේ සමාජය තුළ කාන්තාවන් ඉතා සක‍්‍රිය වනු ඇති” යනුවෙනි.

නමුත් කාන්තාවගේ ඇඳුම පිළිබඳව සහ ඇයට අවසර ලැබෙන රැුකියාවන් පිළිබඳව විමසූ විට ඊට විස්තරාත්මක පිළිතුරක් ඔහු ලබා දුන්නේ නැත. මේ වනවිට තාලිබාන් පාලනය විසින් ඇෆ්ගනිස්තානය පුරාවට බලපාන පරිදි පොදු සමාවක් ප‍්‍රකාශයට පත්කර ඇත. තම රජයට කාන්තා දායකත්වය අවශ්‍ය බව ඔවුහු පැවසූහ. නමුත් මෙය අවංක ප‍්‍රකාශයක්දැයි ඇතැමෙක් ප‍්‍රශ්න කරති. තාලිබාන්වරුන් ලොවට දුන් මෙම පළමු පණිවිඩය පිළිබඳව ඇෆ්ගනිස්තානය තුළින් මතුවන්නේ මිශ‍්‍ර ප‍්‍රතිචාරයකි. ‘‘මම විශ්වාස කරන්නේ නැහැ ඔවුන්ගේ

ප‍්‍රකාශ.” රූපවාහිනිය ඔස්සේ මුජාහිඞ් ගේ කතාවට සවන් දුන්, කාබුල් නුවර වෙසෙන කාන්තාවක් බීබීසීයට පැවසුවාය. ‘‘මේක කූට උපායක්. අපිට දඬුවම් කරන්න දාපු ඇමක් මේක. ඔවුන්ගේ නීති යටතේ රැකියාවක් කිරීම හෝ ඉගෙන ගැනීම මම ප‍්‍රතික්ෂේප කරනවා.” තවත් කාන්තාවක් ප‍්‍රකාශ කඅළාය. මුලදී දෙන පොරොන්දු පිළිබඳව ශුභවාදීව බලන කාන්තාවන් ද නැත්තේ නොවේ. ‘‘අපිට ඉගෙන ගන්නයි, රැකියාවක් කරන්නයි පුළුවන්කම තියෙනවනම්, ඒක තමයි නිදහස කියල කියන්නේ. ඒක තමයි මගේ රතු ඉර. තාලිබාන්වරු තවම ඒ රතු ඉර පැනල නැහැ.” තවත් ඇෆ්ගන් කාන්තාවක් පැවසුවාය. ‘‘මගේ අධ්‍යාපනයයි වැඩ කිරීමේ අයිතියි රැකිලා තියෙන තාක් කල් මම හිජාබයක් අඳින්න අකැමැත්තක් නැහැ. මම ඉන්නේ ඉස්ලාමීය රටක; ඒ නිසා ඉස්ලාමීය ඇඳුමක් පිළිගන්න මම ලැහැස්තියි. හැබැයි බුර්කාව නොවෙයි. බුර්කාව කියන්නේ ඉස්ලාමීය ඇඳුමක් නොවෙයි.” ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර තාලිබාන් පාලනයට නතුවීමෙන් දෙදිනකට පසුව ඇතැම් රූපවාහිනී නාලිකාවන් හි වැඩසටහන් ඉදිරිපත් කිරීම සඳහා නිවේදිකාවන් ඉදිරිපත් වී සිටිනු දක්නට ලැබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment