අපිට පෙර අමෙරිකාව,ජපානය,ස්පාඤ්ඥයේ කොවිඩ් තිබුණා-චීනය

655

අමෙරිකාව, ජපානය සහ ස්පාඤ්ඥය ඇතුළු රටවල් කිහිපයක වූහාන් නගරයට පෙර කොරෝනා වෛරසය ව්‍යාප්ත වී තිබී ඇති බව චීන රුපවාහිනිය විසින් වාර්තා තිබේ.

2019 වසරේ අගභාගයේදී චීනයේ වූහාන් නගරයෙන් නිල වශයෙන් කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීමට පෙර ලොව ස්ථාන කිහිපයක වෛරසය සංසරණය වී ඇතැයි පර්යේෂණයකින් අනාවරණ වූ බව චීන සී.ජී.ටී.එන්. නාලිකාව හෙළිකර ඇත.

වෛරසයේ මූලාරම්භය සම්බන්ධයෙන් අමෙරිකාව චීනයට ඍජුවම චෝදනා එල්ල කරන පසුබිමක මෙම වාර්තාව නිකුත් කිරීම විශේෂත්වයකි.

කෙසේනමුත් මින් වසරකට පමණ පෙරදී කොරෝනා ආසාදිතයන් ශුන්‍ය කළ චීනයේ වූහාන් නගරයෙනුත් මේ වනවිට ඩෙල්ටා ආසාදිතයන් හමුවෙමින් තිබීම විශේෂත්වයකි.

advertistmentadvertistment
advertistmentadvertistment