අපිට මැති සබයේ කතා කරන්න ඉඩක් නෑ…!

106

නිදහස ජනතා සභාවෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්

මූලික ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් උල්ලංඝනය කරන ඒකාධිපති නියෝගයක් විසින් පාර්ලිමේන්තුව තුළ තම සාමාජිකයන් සම්පූර්ණයෙන් නිහඬ කර ඇතැයි ජනතා සභාව නියෝජිතයන් 13 දෙනා පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම්, සාර්ක් සංවිධානයේ මහ ලේකම් සහ අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් වෙත ලිපියක් යවමින් සඳහන් කර ඇත.

පාර්ලිමේන්තුව තුළ නිදහස ජනතා සභාව නියෝජිතයන් 13 දෙනා වෙත අදහස් දැක්වීමේ අයිතිය මර්දනය කර ඇති බව ද ඊට එරෙහිව මෙම ලිපිය යවන බව ද ඔවුහු කියති. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චන්න ජයසුමන, මහාචාර්ය උපුල් ගලප්පත්ති, ආචාර්ය තිලක් රාජපක්ෂ, ලලිත් එල්ලාවල, කේ.පී.එස්. කුමාරසිරි, වසන්ත යාපා බණ්ඩාර, ගුණපාල රත්නසේකර, උදයන කිරිඳිගොඩ සහ මහාචාර්ය චරිත හේරත් යන මහත්වරුන් මීට අත්සන් කර තිබේ.

පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් ස්ටීවන් ටීග්, සාර්ක් සංවිධානයේ මහ ලේකම් ඇසල වීරකෝන් සහ අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් මාර්ටින් චොන්ගොන් යන මහත්වරුන් වෙත මෙම ලිපි යවා ඇත.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment